ඇමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන රජය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය කනස්සල්ල පළ කර ඇත.
ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වෙළෙඳ නීති උල්ලංඝනය කිරීමක් බව චීනය පෙන්වා දී ඇත. චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පවත්වා එය වෙනස් කර ගැනීමට පියවර ගන්නා බවය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ වෙළෙඳ යුද්ධයකට යෑමට බවත්, එවැනි වෙළෙඳ යුද්ධයකින් කිසිදු පාර්ශ්වයකට ජයක් අත්නොවනු ඇති බවත්, මුළු ලෝකයටම එහි අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවත් චීන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ට්‍රම්ප් චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරු බද්දක් පැනැවීමට තීරණය කර ඇත්තේ ‘ෆෙන්ටැනයිල්’ නම් ඖෂධය මුල්කොට ගනිමිනි.
‘ෆෙන්ටැනයිල්’ ඖෂධය ඇමරිකාවේ දේශීය ගැටළුවක් බවත්, එම ඖෂධය නිපදවන සමාගමේ ඉල්ලීමකට අනුව, 2019දී ‘ෆෙන්ටැනයිල්’ වැනි ඖෂධ වර්ග විධිමත් ලෙස ලැයිස්තු ගත කළ තම රට, ‘ෆෙන්ටැනයිල්’ වැනි ඖෂධ වර්ග නිසි ලෙස පාලනය කරන ලොව පළමු රට බවට ද පත් වී ඇතැයි චීනය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරන්න සූදානම්-චීනය