බිලියනපති ව්‍යවසායක ඉලෝන් මස්ක් ‘ට්විටර්’ සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ. ‘ට්විටර්’ සමාගම පවරා ගැනීමේ ලංසුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 43 ක් යැයි වාර්තා වේ.
‘ට්විටර්’ සමාගමට ඉදිරිපත් කළ ලංසුවට අනුව ට්විටර් සමාගමේ එක් කොටසකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 54.20 ක මිලක් ප්‍රදානය කිරීමට බිලියනපති ඉලෝන් මස්ක් කැමැත්ත පළ කර ඇත.
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, ටෙස්ලා සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි. ඊට අමතරව අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම නිර්මාතෘ වන්නේ ද ඉලොන් මස්ක්ය.
ට්විටර් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉලෝන් මස්ක් ගේ යෝජනාව ව්‍යංගයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලය ඒකමතික ඡන්දයෙන් නව සැලැස්මක් හඳුන්වා දුන් බව වාර්තා වේ.
ඉලෝන් මස්ක් හෝ වෙනත් අයෙක් ට්විටර් සමාගමේ කොටස් අසීමිත ලෙස මිලදී ගැනීම පාලනය කිරීම සඳහා තෝරාගත් සමාගම් කොටස්කරුවන්ට කොටස් මිලදී ගැනීමේ සීමාව ඉවත් කිරීම එම සැලැස්ම වූ බව පැවැසෙයි.
ඉලෝන් මස්ක් ට්විටර් සමාගම සමග සාකච්ඡා නොකට සියයට 51 ක ප්‍රමාණයක් සමාගම් කොටස් මිලදී ගැනීම තුළින් ට්විටර් සමාගමේ පාලනය නතු කරගැනීම වැළැක්වීම සඳහා මෙම සැලැස්ම හඳුන්වා දෙන ලදි.
ඉලෝන් මස්ක් තමන් සතුව ට්විටර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 9.1 ක් තිබෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඉලෝන් මස්ක් සහ ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලය අතර අර්බුදය ආරම්භ වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.
ඊයේ (18) ඉලෝන් මස්ක් තමන් ට්විටර් සමාගම පවරා ගතහොත් ඉක්මනින් වියදම් කපා හැරීමට ක්‍රමයක් තිබෙන බව පැවැසීය. ඒ ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලයට සිදුකරන සියලු ගෙවීම් නතර කිරීමය.
ට්විටර් අධ්‍යක්ෂ මණ්ඩලය අස්කිරීමෙන් හෝ ඔවුන්ට සිදු කරන සියලුම ගෙවීම් නතර කිරීමෙන් අවුරුද්දකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3 ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවන බවත් ලංසුව සාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම එය සිදු කරන බවත් ඔහු පැහැදිලි කළේය.
(රොයිටර්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්විටර් මිලදී ගන්න මස්ක් කැමැත්තෙන්