ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි.
සෞදියේ වෙරළාශ්‍රිත ජෙඩා නුවරදී තුර්කි ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ සෞදියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් විසිනි.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, තුර්කි ජනාපධිතිවරයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් ඉන්පසු කටාර් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය. සෞදි තුර්කි ව්‍යාපාරික හමුවකට ද තුර්කි ජනාධිපතිවරයා සහභාගී විය.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් කටාර් රාජ්‍යයේත් ව්‍යාපාරික හමු පැවැත්වීමට නියමිත බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.
තුර්කියේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ. එම ගනුදෙනුවට අදාල ගිවිසුම්වලට ද තුර්කි ජනාධිපති එර්දොවාන් අත්සන් කළේ යැයි පැවැසෙයි.
අර්බුදයට පත් වී ඇති තුර්කි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ගනුදෙනුව ඉවහල් වනු ඇතැයි ද පැවැසෙයි. තුර්කි ජනාපධිති එර්දොවාන් සෞදියේ සංචාරයකට පැමිණියේ තුර්කි ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.
මේ අතර, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවී, සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත්, තුර්කි සිරියාවේ රඳවා ඇති තුර්කි හමුදා ආපසු ගෙන්වා ගැනීමට තමන් සූදානම් නැතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.
තුර්කි ජනාධිපති එර්දොවාන් මෙසේ පැවැසුවේ සෞදියේ, කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය ආරම්භ කිරීමට සූදානමිනි.
සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු නිල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. තුර්කිය කිසිම අවස්ථාවක, සිරියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් බැහැර නොවූ බව ද ඕනෑම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තුර්කිය සූදානම් බවත් තුර්කි ජනාධිපති එර්දොවාන් පෙන්වා දී ඇත.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තුර්කි ජනපති සෞදියේ