IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


තලේබාන්-ඇෆ්ගන් සාම කතා අවුල් කරන්නේ පාකිස්තානයයි

ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානයත් සමඟ සාමකතා පැවැත්වීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පාකිස්තානය එම සාම කතාවලට එරෙහි වූයේ යැයි ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි චෝදනා කරයි. ඇෆ්ගන් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ පෙරේදා (3) ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්ගේ ප‍්‍රධානත්වයෙන් ජර්මනියේදී පැවැත්වුණු බොන් සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ වූ දා සිට තලේබාන් සටන්කාමීන් සමඟ අවස්ථා කිහිපයකදී සාම කතා පැවැත්වීමට ඇෆ්ගන් රජය උත්සාහ කර තිබේ. එම අවස්ථාවලදී ඇෆ්ගන් රජය, ඒ සඳහා සහයෝගය දෙන්නැයි පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් පාකිස්තාන රජය එම සාම කතාවලට මැදිහත් නොවන බව දන්වා ඇත. ඇෆ්ගන් ජනපති කර්සායි පවසන්නේ පාකිස්තානයේ එම තීරණය නිසා තලේබාන් සංවිධානය සමඟ සාම කතා අසාර්ථක වූ බවය. ජර්මනිය, ඇමෙරිකාව සහ යුරෝපා රටවල මැදිහත් වීමෙන් බොන් සමුළුව පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානයේ දස අවුරුදු යුද්ධය නිමා කර එරටට ස්ථාවරත්වයක් උදා කර දීමේ අරමුණින්ය. 2014 වසර වනවිට විදෙස් හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කොට පිටවී යෑමට ද නියමිතය. ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් ඇෆ්ගනිස්තානයේ අසල්වැසියා වන පාකිස්තානයේ සහාය අත්‍යාවශ්‍ය වේ. එහෙත් බොන් සමුළුවට සහභාගී වීම වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර ඇත. ඒ, නේටෝ ප‍්‍රහාරයෙන් පාකිස්තානයේ හමුදා සෙබළුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සම්බන්ධයෙන්  විරෝධය පළ කිරීමක් වශයෙනි.



අදහස් (0)

තලේබාන්-ඇෆ්ගන් සාම කතා අවුල් කරන්නේ පාකිස්තානයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 51 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 61 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 74 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 839 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 148 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 104 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 471 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 932 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site