ඇෆ්ගන් රජය නියෝජනය කරමින්, එරට තලේබාන් නියෝජිත කණ්ඩායමක්, ජපානයේ නිල සංචාරයක යෙදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇෆ්ගන් තලේබාන්වරුන් කණ්ඩායමක් මෙසේ ජපානයේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගත්තේ, 2021 වසරේදී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කර පිටවී යෑමෙන් අනතුරුවය.
බලයට පත්වීමෙන් පසු තලේබාන්වරුන්, ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතිය ක්‍රියාවට නැංවීය. එම ෂරියා නීතිය යටතේ, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තා නිදහස ද සම්පූර්ණයෙන් සීමා කර ඇත. පණ ඇති කිසිවක් ඡායාරූප ගත කිරීම පවා දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.
තලේබාන් රජයේ මෙම ක්‍රියා කලාපය, ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. මේ නිසා, ඇෆ්ගන් තලේබාන් රජය ලොවෙන් හුදෙකලා වී ඇත. එබැවින්, තලේබාන්වරු, ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.
ජපාන සංචාරයේ දී, තලේබාන්වරුන් සහ ජපන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ජපන් ආර්ථිකය නංවාලීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තලේබාන් නියෝජිතයෝ ජපන් ගිහිල්ලා