IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


දරුවන්ගේ ලොකුම මාරයා ජලයයි

ළමුන්ගේ සහ තරුණයන්ගේ මරණ සිදුවන ආකාරවලින් ප්‍රමුඛතම වන්නේ දියේගිලීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වේ.

ගෝලීය දත්තයනට අනුව  දියේ ගිලීම නිසා ලෝකයේ වසරකට 372,000 වැඩි සංඛ්‍යාවක් මියයති. ඒ අතිරින් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු පහට අඩු දරුවෝය. දියේ ගිලීමෙන් ගැහැනුන්ට වඩා දෙගුණයක් පමණ පිරිමි මියයති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් පවසන්නේ ළමාවියේ ජීවිතවල සැඟවුනු මාරයා දියේ ගිලීම බවයි. 2012 වසරේදී වයස අවුරුදු 15 ට අඩු ළමයින්ගේ මරණ වලින් ක්ෂය රෝග සහ සරම්ප වලින් වන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දියේ ගිලීමෙන් සිදුව ඇත.

ඔවුන් පවසන්නේ මෙම තත්වය වලක්වා ලීමට වහාම නිසි පියවර ගතයුතු බවයි.

එම දත්ත වලට අනුව දියේ ගිලීමෙන් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ඇති රටවල් වලය. ඉන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකාවේ, ගිනිකොණ දිග ආසියාවේ සහ පැසිපික් කලාපයේ රටවල් වලින් වාර්තාවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ගරට් චෑන් මහත්මිය පවසන්නේ මෑත දශක වල ළමා ආයුෂ ප්‍රමාණය වැඩි ක ලීමෙන්  සැලකිය යුතු වාසි අත්පත් කරගෙන ඇතත් ළමා ජීවිත බිලිගන්නා දියේ ගිලීම වැනි  සැඟවුණු මාරයන් ද සිටින බවයි. මේ සඳහා පාසැල් කාලයේදීම පිහිනීම ළමයිනට පුරුදු පුහුණු කිරීම, ජලයෙන් ආරක්ෂා විමේ උපක්‍රම කියා දිම වැනි වැඩ සටහන් ක්‍රියාවට නැංවීම වැදගත් බ වද මාගරට් කියන්නීය.

දරුවන් ජල මාරයාගෙන් බේරාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තරව පිලිගත් නිර්දේශ රැසක් දැනටමත් ඉදිරිපත් කර තිබේ.drowning 1



අදහස් (0)

දරුවන්ගේ ලොකුම මාරයා ජලයයි

සෙනරත් Tuesday, 18 November 2014 06:43 AM

බොහොමයක් පාසල්වල පිහිනීමට පහසුකම් නොමැත. පහසුකම්දීම ඉක්මනින් කළ නොහැක, ඒ සදහා යන විශාල වියදම නිසා. පිනිම අනිවාර්ය කලොත් ළමුන් ගංගා, ඇල, දොළ වල පිහිනීමට යාමෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැක. (හේ)

:       0       0

මුතු Tuesday, 18 November 2014 04:45 AM

පාසල් වල පිහිනීම අනිවාර්ය කලානම් හරි(දිල්)

:       0       0

කුමාර් Tuesday, 18 November 2014 06:01 AM

මුතු, කොහෙද පීනන්න උගන්වන්නේ ? ගොඩ නලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 46 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 58 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 20 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 24 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 311 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site