ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ගේ රුධිර, මුත‍්‍රා සහ හිස කෙස් සාම්පල එකතු කරමින්, චීන ඒජන්තවරුන් එතුමන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ටිබෙට් බලධාරීහු පවසති. තමා ඝාතනය කිරීමට චීන ඒජන්තවරුන් කුමන්ත‍්‍රණය කරන බව ටිබෙටයෙන් පලාවිත්, හිමාලය කඳු පාමුල ඉන්දියාවට අයත් ධර්මශාලා ආශ‍්‍රමයේ වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායකතුමන් ද මීට පෙර අවස්ථා කිහිපයකදී පවසා ඇත. දලයි ලාමා ඝාතන සැලැස්මට තරුණියන් පිරිසක් ඒජන්තවරුන් ලෙස බඳවා පුහුණුව ලබා දෙන බවත් එම තරුණියන් දලයි ලාමාගේ බැතිමතුන් ලෙස වෙස් ගන්වා එතුමන්ට විපතක් කිරීමට ධර්මශාලා ආශ‍්‍රමයට එවීමට සැලැස්මක් ඇති බවත් ටිබෙට් බලධාරීහු පෙන්වා දෙති. චීනය පවසන්නේ ටිබෙටය ඔවුන්ට අයත් බවය. එහෙත් ටිබෙටය ස්වාධීන රාජ්‍යයක් යැයි පවසමින් ටිබෙට් ජාතිකයෝ නිරන්තරයෙන් චීනයට එරෙහි විරෝධතා පවත්වති. චීන රජයේ අඩන්තේට්ටම්වලට විරෝධය පළ කරමින්, ඉන්දියාවට පිටුවහල් වී සිටින ටිබෙට් ජාතිකයන් 30 දෙනකු මේ වනවිට සිරුරුවලට ගිනි තබාගෙන විරෝධතා පළ කර තිබේ.
දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් කැඳවා දොස් නැගුවේය. දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපතිවරයාට දොස් නැගුවේ, යුක්රේන යුද්ධයේ
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි.
රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු
මෙය ඊජිප්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඊජිප්තුවට මැලේරියාව තුරන් කිරීමට හැකි වූයේ වසර 100 ක මහන්සියක ප්‍රතිඵලයක
78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දලයි ලාමාට අනතුරක් කරන්න චීන රජය උත්සාහ ගන්නවා
සමන්ත Wednesday, 23 May 2012 03:01 PM
ඔබට තෙරුවන් සර්ණයි ...!
සන්ජී Wednesday, 23 May 2012 03:31 PM
ඔබට සිරි දළදා සමිදු පිහිටයි
ප්‍රියලාල් සිල්වා Wednesday, 23 May 2012 12:00 PM
දලයි ලාමා කියන්නේ උතුම් හමුදා නායකයෙක්.අපි එතුමාට ගරු කරනවා
විරාජ් Thursday, 24 May 2012 10:36 AM
ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා!