IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම්

රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබේ. 

රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩි දුරටක් සඳහන් වෙයි.

ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි. ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.

බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවූයේත්, කාන්තාවන්ට රැකියා කිරීම වැළැක්වූයේත්, සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කළේත් මෙම තලේබාන් රජයයි.



අදහස් (15)

දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම්

Perera Friday, 09 August 2024 10:10 AM

පැය 8 ක් වැඩ කරන්නයි පස් වතාවක් පල්ලි යන්නයි බැරි නිසා පල්ලියටම වෙලා ඉන්න කිව්වා නම් ඉවරයි

:       3       153

රංබොඩ Friday, 09 August 2024 11:00 AM

අපි සිටින්නේ 2024. විද්‍යාව ඉතා හොඳින් දියුණු වූත් තව තවත් දියුණු වෙමින් පවතින කාලයක ය.

:       3       82

MohamedFriday, 09 August 2024 11:21 AM

ඒ උනාට ප්ලාස්ටික් බෝතලයෙන් නයා අපු එක විස්වාස කරපු රටක අපි ඉන්නේ

:       28       95

prabash Friday, 09 August 2024 11:32 AM

එතකොට රජයේ සේවකයන්ට කරන්න තියෙන්නේ පල්ලි යන එක විතරද?

:       3       85

යෝගා Friday, 09 August 2024 11:44 AM

දැන් එහෙනම් ඇෆ්ගනිස්ථානය කිරියෙන් පැණියෙන් ඉතිරිලා ලෝකයේ දියුණුම රටක් වෙයි නේද.

:       1       77

දරපාන් Friday, 09 August 2024 12:20 PM

නොදියුණු ශිෂ්ඨාචාරයක් බලාගන්න ඕනේ නම් ඇෆ්ගනිස්ථානයට ගියාම හරි...

:       2       77

අබ්දුල්ලා Friday, 09 August 2024 12:28 PM

ඕකුන්ට ඕනෙ පල්ලියෙ සක තියාගෙන යාඥා කර කර ඉන්න එකයි... ගෑනු 7 දෙනෙක් එක්ක සැතපෙන එකයි විතරයි.

:       6       76

මෝමඩ් Friday, 09 August 2024 01:18 PM

ලෝකය දියණු කළේ විද්‍යාව ‌තාම යවපු දුරේකෂ අහසේ ගමන් කරනවා.. ග්‍රහලෝක පසු කරමින් දෙවියන් හම්බ වෙලා නෑ. අනික දෙවියන්ට යාඥා කරලා හරියනවා නම් හමාස් නායකයා මිය යන්නේ නෑනේ. ඒම කෙනෙක් නෑ. අඳුරු කුටිය තුළ යදින යාතිකා දෙවියන් හට නෑසේ...

:       4       50

රම්සි Friday, 09 August 2024 01:26 PM

මරුනේ බ්‍රෝ, මටත් ටිකක් දුරින් පල්ලියක් තියෙන ඔෆිස් එකකින් ජොබ් එකක් හොයාගන්න ආසයි. යන එන ගමන් ජොගින් ටිකකුයි ශොපින් ටිකකුයි කරගෙන එන්න...!

:       1       40

ජනරළ Friday, 09 August 2024 02:03 PM

මේ ඇෆ්ගන් ජනතාවට සිදුව ඇත්තේ මිහිපිට මනුෂ්‍ය භාවයක් ලද අයෙකුට සිදුවිය හැකි මහම කරුමයකි. ආගම අවශ්‍ය තමයි. එත් ආගමේ නාමයෙන් එළිමහන් සිර ගෙදරක තිරිසන් වහලුන් ලෙස මෙලෙස ජිවත් වීම යනු එක්තරා විදියක මිහිපිට අපායක යම පල්ලන්ට හසු වීමක් වැනිය. මේ තලෙයිබාන් ම්ලේච්චයන්ට උදවු කරන්නේත් එක්තරා රටක මුස්ලිම් පිරිසක්ම තමයි. නමුත් ඒ මිනිස්සු තමන්ගේ රටේ කාලා බිලා ජොලියේ හොඳ නිදහසකින් ඉඳිමින් මේ අහිංසක මිනිස්සුන්ව මේ අපරාධයට ලක් කරන්න මේ ම්ලේච්චයන්ට සියලු උදවු ආයුධ ලබා දෙනවා. මම හිතන්නේ ලෝක වාසි මුස්ලිම් නායකයන් මේ ගැන සිතිය යුතුයි.

:       1       60

Nandalal de Silva - France Friday, 09 August 2024 02:30 PM

එතකොට දිනකට ගැහැණුන් 5 ක් අපයොජනය කිරීමටත්, හැඩිදැඩි පිරිමින් 5 ක් දෙවියන් වහන්සේ හමුවට යැවීමටත් දෙශනා කරෙ නැද්ද? එහෙම ඔහු කරා නම් ඒ රට ලොව දියුණුම රට වෙන්න තිබුණා..

:       3       30

Nihal Friday, 09 August 2024 09:38 PM

සෞදි අරාබියෙත් 5 ස් වතාවම යා යුතුමයි, ඊලඟට රජවෙන්න කෙනා මේවා ටිකටික වෙනස්වීමක් පේන්න තියෙනවා, මෑතකදි කාන්තාවන්ට වාහන පදවන්න අවසර දුන්නා ,අවුරුදු 70 ට පසු තැබෑරුමක් වීවෘත කලා ඒ නම් සාමන්‍ය ජනතාව බහරෙන් ඇතුළුව වෙනත් රටවලට යන නිසයි,ඔය එක නීතියක්වත් නෑ පාලක සහ ධනපතියන්ට,හැම නීතියක්ම දුප්පතුන්ට,පාලක සහ ධනපතියන්ගේ බටහිර ගෙවල්වල විස්කි ගබඩා තියෙන්නේ හැම අංශයකින්ම විනෝද වෙලා ආපසු මැදපෙරදිග ට යන්නේ

:       0       7

Samantha Friday, 09 August 2024 09:50 PM

පල් ගෝත්‍රික නඩයක් ලෝකය නම් රඟමඩලේ රඟපාන නාට්‍යයක්...!

:       0       2

Lakvidhu Saturday, 10 August 2024 01:21 PM

ලන්කාවටත් ඔය නීතිය ගෙනාවා නම් හරි. අඩුගානේ පල්ලියේදිවත් රජයේ සේවකයෙක් හම්බවෙන්න පුළුවන්...!

:       1       1

fairoos Saturday, 10 August 2024 01:47 PM

මේවට පැහැදිලි කිරීම් කරන්න හොඳම කෙනා මවුලවිතුමා...

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 1098 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 1011 1

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි
2024 සැප්තැම්බර් මස 23 153 0

ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා


ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා
2024 සැප්තැම්බර් මස 23 73 0

ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා ස


මෝදි ඇමෙරිකාවේ
2024 සැප්තැම්බර් මස 22 118 0

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.


මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 22 110 0

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28005 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site