දේශපාලනයෙන් සමුගන්නා තමන්, තම දියණිය වෙනුවෙන් කැප වී, තම දියණියට හොඳ මවක් වීමට බලාපොරොත්තු වන බව, නවසීලන්ත පාලක පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු ජැසෙන්ඩා එර්ඩර්න් කියයි.
42 හැවිරිදි ජැසෙන්ඩා මෙසේ කීවේ පසුගිය දා වෙලින්ටන් නුවරදී පාර්ලිමේන්තුව අමතමිනි.
ජැසෙන්ඩා, නවසීලන්තයට ශක්තිමත් නායකත්වයක් දුන්නාය. 'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී ඇය ගත් තීන්දු තීරණ ලෝකයේම පැසැසුමට ලක් විය.
කරුණාව, දායාව පිරි ශක්තිමත් නායිකාවක ලෙස ඇය දේශපාලනයෙන් සමුගන්නේ, නවසීලන්ත වැසියන්ට පමණක් නොව, ලෝකයේ බොහෝ දේශපාලනඥයන්ට ආදර්ශයක් ලබා දෙමිනි.
ජැසෙන්ඩා පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වන බව පැවැසුවේ පසුගිය ජනවාරියේය. එය කාගේත් මවිතයට හේතුවක් ද විය.
එම අවස්ථාවේදී ද ඇය කියා සිටියේ දේශපාලනයේ සිටීම ඇයට වෙහෙසකර බවත්, පවුල වෙනුවෙන් කැපවිය යුතු බවත්ය.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලනයෙන් සමුගෙන හොඳ අම්මෙක් වෙනවා