රජයේ ඇමැතිවරුන් 15 දෙනකුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් දූෂණ චෝදනා ඔප්පු කිරීමට හැකි වුවහොත්, තමා ධුරයෙන් වහා ඉල්ලා අස්වන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි. අගමැති සිංගේ රජයේ ඇමැතිවරුන් 15 දෙනකුට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ මානව කි‍්‍රයාකාරියකු මෙන්ම ගාන්ධි අනුගාමිකයකු ද වන අන්නා හසරේ විසිනි. ”එම චෝදනා මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඒවායේ අංශු මාත‍්‍රයක හෝ සත්‍යතාවක් ඇත්නම් මා වහා ධුරයෙන් ඉවත් වෙනවා” යැයි අගමැති සිං අවධාරණය කරයි. ඉන්දීය අගමැතිවරයා ඊයේ (30) මේ බව කියා සිටියේ මියන්මාරයේ සංචාරය අවසන් කර ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දූෂණ චෝදනා ඔප්පු කළොත් ධුරයෙන් ඉවත් වෙනවා
ක්‍රිෂාන් Thursday, 31 May 2012 02:53 PM
මම හිතන්නේ එයා ගෙදර යයි.
අචිනි Thursday, 31 May 2012 04:15 PM
අපේ රටේ ලොකු ලොක්කොන්ටනම් මේ කතාව කියන්න බැරි වෙනවා.....
කමල් Thursday, 31 May 2012 11:39 AM
මෙන්න මේවගේ නායකයො තමයි අපිටත් ඔනේ..
නිශාන්ත Thursday, 31 May 2012 01:02 PM
කමල්, ඔයාටනම් හොඳයි අපිට නම් හොඳ නෑ .ඉන්දියන් ජනාධිපතිගේ වියදම කෝටි 200. ආයෙත් ඔයාට හොඳයි නේද?