IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


දහදියෙන් විදුලිය

දහදිය මගින් විදුලිය නිපදවීමේ ක්‍රමයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

සම මත ඇලවෙන විශේෂ පැලැස්තර කැබැල්ලකින් මෙසේ දහඩියෙන් විදුලිය උකහා ගැනෙන බව ඔවුහු පවසති.

මෙහි ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් දහඩියේ ලැක්ටේට් නම් වන සංයෝගයක් තිබෙන අතර මෙම ප්ලාස්ටරයේ ඇති විශේෂ එන්සයිමයක් මගින් සිදුවන්නේ එම ලැක්ටේට් බිද හෙළා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමයි.මෙම ඉලෙක්ට්‍රෝන එකතු කර අන්තිමේදී විදුලි ධාරාවක් නිපදවාගැනීම සිදුවේ.

ලැක්ටේට් යනු සිරුර වෙහෙසා වැඩෙහි යෙදීමේදී නිපදවෙන සංයෝගයකි.වෙහෙසීමේදී සිරුරට තව තවත් ශක්තිය අවැසිය.මෙවිට ග්ලයිකොලිසිය නම් ක්‍රියාදාමයක් සිරුරේ ක්‍රියාත්මක වන අතර ග්ලයිකොලිසියෙන් ශක්තියත් අතුරුඵලයක් ලෙස ලැක්ටේටුත් ප්‍රතිඵල ලෙස ලැබේ.

මෙනිසා කායවර්ධකයින් හා මලල ක්‍රීඩකයින් වැන්නන් තම සිරුරේ ලැක්ටේට් ප්‍රමාණය ගැනද අවධානයෙන් සිටී.මන්ද වැඩි ලැක්ටේට් ප්‍රමාණයක් නිපදවීම යනු වැඩි ශක්ති ප්‍රමාණයක් සිරුරේ ජනනය වී තිබීමයි.

වෛද්‍ය විද්‍යාවේදී අධි ලැක්ටේට් ප්‍රමාණයක් සිරුරේ රැදී පැවතීම හෘද හා පෙනහලූ ආබාධ වලට මුල් වන්නක් බව සොයා ගෙන ඇත.

කෙසේ වුවත් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරේ නිපදවෙන ලැක්ටේට් සිරුරින් බැහැර වේ.දහදිය ඔස්සේ බැහැරවීම ප්‍රධාන ආකාරයකි.

දැනට මෙසේ දහදියෙන් බැහැර කෙරෙන ලැක්ටේට් ආධාරගෙන විදුලිය නිපදවීමේ සමත් පැලැස්තරයෙන් ලබාගත හැක්කේ මිලිවොට් ගණනක විදුලියක් බව සදහන්ය.

පර්යේෂකයින්ගේ අරමුණ පැලැස්තරය තවදුරටත් වැඩිදියුණු කර ඇවිදීමේදී, ව්‍යායාම කිරීමේදී වැනි සිරුර වෙහෙසා කරන කටයුතු වලදී නිපදවෙන දහඩියෙන් ජංගම දුරකථන වැනි උපකරණයන් ආරෝපණය කර ගැනීමට හැකි තරමේ විදුලියක් නිපදවා ගැනීමයි.

1408003604400_wps_5_Motorola_jpg 1408003583969_wps_4_Patch_JPG 1408003426644_wps_2_Biobatteries_jpg

 



අදහස් (0)

දහදියෙන් විදුලිය

ප්‍රසංග Monday, 18 August 2014 04:28 AM

හේවාවිතාරනගේ දැනුමේ හැටි (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 18 August 2014 05:52 AM

එහෙනම් ඉතින් අනාගතයේදී විදුලි බලයෙන් අඩුවක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

ජයාත් Tuesday, 19 August 2014 10:19 AM

හේවාවිතාරණ , රොනී, මේ වගේ දේවල් ලංකාදීපේ දමන්නේ අලුත් දැනුම තමන්ගේ පාඨකයන්ට දෙන්න. ඒ වගේ දේවල් උපහාසයට ලක් කරලා තමන්ගේ නොදන්නාකමේ නිරුවත අනිත් අයට පෙන්වන්න එපා (නි)

:       0       0

විදානගේ Sunday, 17 August 2014 06:43 AM

හේවාවිතාරණ.... හොදට කියවල බලන්න.. මේ කියන්නේ ජලවිදුලිය ගැන නෙමේ. කාගෙ හෝ නව සොයාගැනීමක් අපි අගේ කල යුතුය. (දී)

:       0       0

හේවාවිතාරන Saturday, 16 August 2014 03:01 PM

දහදියෙන් විදුලිය නිපදවන්න දවසකට ශරීරයෙන් දහදිය බැරල් එකක් විතර ගලන්න වෙයි. (අ)

:       0       0

රොකී Tuesday, 19 August 2014 05:48 AM

ශෝක් නෙව. තමන්ගේ විදුලිය තමන්ටම නිපදවා ගන්න පුලුවන් එතකොට. මේ විදිහට ගුවන් විදුලියත් නිපදවා ගන්න බැරිවෙන එකක් නැහැ (නදී)

:       0       0

ඛලෙල් Sunday, 17 August 2014 09:33 AM

අනාගතයට හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 295 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 237 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 654 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 90 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 93 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 522 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site