අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සිය ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ.
සන්නා මරීන් විවාහ වී සිටියේ මාර්කස් රයික්කූනන් සමඟය. දෙදෙනා දැන හඳුනාගෙන වසර 19 ක් තිස්සේ එකට ජීවත් වුණු අතර විවාහ වී වසර 3 කි.
දෙදෙනාට පස් හැවිරිදි සිඟිති දියණියක ද සිටී. දික්කසාද වීමෙන් පසුවත් හොඳ යහළුවන් ලෙස දිගටම මාර්කස් ඇසුරු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සන්නා මරීන් පවසා තිබේ.
37 හැවිරිදි සන්නා මරීන් ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 වසරේ දී සන්ධාන ආණ්ඩුවකට නායකත්වය දෙමිනි.
පසුගිය දා පැවැත්වුණු ෆින්ලන්ත මහ මැතිවරණයෙන් මරීන් සහ ඇගේ පක්ෂය පරාජයට පත් විය.
එදා 2019 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අවස්ථාවේදී සන්නා මරීන් ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ද වූවාය.
(රොයිටර්)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ධුරයට සමුදෙන ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා