ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙරේදා (16) සමත්වූහ. ඔස්කාර් ඕටේගා හර්නෑන්ඬේස් නමැති එම තරුණයා ධවල මන්දිරයට වෙඩි තබා ඇත්තේ ඉකුත් 11 වැනිදාය. ධවල මන්දිරය අසල මාර්ගයේ සිට ඔහු වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කොට ඇත. එය ජනාධිපති ඔබාමා ඝාතනය කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමක් විය හැකි යැයි ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීහු පවසති. එහෙත් එම අවස්ථාවේදී ජනපති ඔබාමා හෝ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා හෝ ධවල මන්දිරයේ නොසිටියහ. ඔවුහු එම අවස්ථාවේ සිටියේ හවායි දූපතේ ඇපෙක් සමුළුවට සහභාගී වෙමිනි. හර්නෑන්ඬේස් තැබූ එක වෙඩි උණ්ඩයක් ධවල මන්දිරයේ දෙවැනි මහලේ වෙඩි නොවදින වීදුරුවට වැදී ඇති බව ජනපති ආරක්ෂක අංශය හෙළි කරයි. වෙඩි තැබීමෙන් පසු හර්නෑන්ඬේස් පලා ගොස් ඇති අතර එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ගේ සාර්ථක පරීක්ෂණයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදාය. හර්නෑන්ඬේස්, පෙන්සිල්වේනියා ජනපදයේ පදිංචිකරුවකු බවත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන තැනැත්තකු බවත් එෆ්.බී.අයි. පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටිති. එෆ්.බී.අයි පරීක්ෂකවරුන් ඔහු අත්අඩංගුවට ගත්තේය. පෙන්සිල්වේනියා ජනපදයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදීය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ධවල මන්දිරයට වෙඩි තියලා