IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නැගී එන ආර්ථික එකමුතුවලට සැබෑ බලවේග විය හැකිද?

නැගී එන ආර්ථිකයක් වශයෙන් හැඳින්වෙන බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල් 2008 ආර්ථික අර්බුදයත් සමග ගෝලීය වශයෙන් සම්බන්ධතාවක් ඇති කර ගැනීමේ ප‍්‍රතිඵලය වූයේ බි‍්‍රක්ස්නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමයි. පසුව මෙම එකතුවට දකුණු අප‍්‍රිකාව ද එක්වීම නිසා එය දැන් හැඳින්වෙන්නේ  BRICS නමිනි. එහි සිව්වැනි නායක සමුළුව පසුගියදා ඉන්දියාවේ නව දිල්ලියේ පැවැත් වූ අතර එය ඔවුන් අතර ගොඩ නැගෙමින් පවතින ගෝලීය සහයෝගිතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ද හැඳින් විය හැක. 2008 එක්සත් ජනපදයේ වෝල් ස්ටී‍්‍රට් මුදල් වෙළඳ පොළ කඩා වැටීමෙන් අඩුවෙන්ම හානියක් සිදු වූ මේ රටවලට ගෝලීය ආර්ථිකය නැවත පන ගැන්වීමට හැකියාවක් පවතින බව දැක්වෙන පියවර කීපයක්ම ගැනීමට එම සමුළුවේ එකඟතාව පළ වීම ඊට එක හේතුවකි. ඒ අනුව මේ රටවල් අතර වෙළඳ ගනුදෙනු හා ආර්ථික සහයෝගිතාව සඳහා මූල්‍ය ආයතනයක් පිහිටුවීමට සැලසුම් කෙරෙන අතර එය ඉදිරියේදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග තරගකාරී වීමටත්, අන්තර්ජාතික විනිමය මුදල් ඒකකයක් ලෙස දැනට යොදා ගන්නා ඩොලරය වෙනුවට මෙම රටවල මුදල් ඒකක යොදා ගැනීමටත් අවස්ථාව සැලසේ. 2008 වසරේ මූල්‍ය අර්බුදයක් සමග එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය රටවල ආර්ථික පසු බෑමක් දක්නට ලැබුණ ද මෙම රටවලට විශේෂයෙන්ම චීනය බ‍්‍රසීලය හා ඉන්දියාව වැනි රටවලට ඉක්මණින්ම එම තත්ත්වයෙන් මිදි ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත හැකි විය. ඇත්තෙන්ම දැනට සමස්ත ලෝක ආර්ථිකයේ කිසියම් පිබිදීමක් දක්නට ඇත්තේද මේ රටවල ආර්ථික ක‍්‍රියාකාරිත්වය නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යුරෝපයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකයන් ගොඩ ගැනීමට අරමුදල් සැපයෙන්නේද මේ රටවලිනි. එහෙත් මේ රටවල ආර්ථික හා මූල්‍ය ශක්තියට ප‍්‍රමාණවත් නියෝජනයක් එම ආයතනවල ලැබෙන්නේ නැත. ඊට අමතරව විවිධ බදු හා සීමා තුළින් එම රටවල තරගකාරිත්වය සිමා කිරීමේ උත්සාහයක් ද පවති. චීනයේ යුවාන් මුදල් ඒකකයේ අගය වැඩි කිරීමට ඇති බලපෑම හා ඉන්දියාවේ සේවා අපනයනය සම්බන්ධයෙන් පැනවීමට සැලසුම් කර ඇති සීමාවන් මීට නිදසුන්ය. එම නිසා මතුවෙමින් පවතින ආර්ථිකවල බි‍්‍රක්ස් නමින් හැඳින්වෙන මෙම එකතුවේ අරමුණු වන්නේ වෙළඳාම හා මූල්‍ය කටයුතු පිළිබඳව එම රටවල් අතර සහයෝගිතාවක් පවත්වා ගැනීම හා ඔවුන්ගේ ආර්ථික බලයට සමාන වූ දේශපාලන නියෝජනයක් ගෝලීය ආයතන තුළ ලබා ගැනීමය. දැනට පවතින රටාව අනුව ලෝක බැංකුවේ සභාපති නම් කිරීම එක්සත් ජනපදයට හිමි වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නායකත්වය හිමි වන්නේ යුරෝපීය රටක නියෝජිතයාටය. බි‍්‍රක්ස් රටවල ආර්ථිකයත් සමස්තයක් වශයෙන් ගත් විට මෙම එකතුන් දෙක සමග තරගකාරි මට්ටමක පැවතියද ඔවුන්ට මෙම ආයතන දෙකේම ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේදි බලපෑමක් කළ නොහැක. මෙවර ලෝක බැංකුවේ සභාපති තනතුරට දකුණු කොරියාවේ උපන් අයෙකු නම් කළ ද ඔහු ඇමරිකාවේ වෙසෙන ඇමරිකන් පුරවැසියෙකි. මෙම රටවල අභ්‍යන්තර දේශපාලන වශයෙන් සමානතාවක් නැති බව පැහැදිලිය. චීනය තවමත් ඒකපාක්‍ෂික ක‍්‍රමයක් අනුගමනය කරන බටහිර මිණුම් දඩුවලට ගැලපෙන ආකාරයේ ඡන්ද විමසීම් නොපවත්වන රටකි. රුසියාව මතු වෙමින් පවතින රටකට වඩා පිරිහීමට පත් ආර්ථිකයක් ගොඩ නැගීමේ උත්සාහයකි. එහි ඇති විශේෂත්වය වන්නේ සුපිරි බලවතාට අභියෝග කළ හැකි යුද ශක්තියයි. ඉන්දියාව බටහිර මිණුම් දඩු අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යයක් වුවද එහි ඇති සමාජයීය බෙදීම් වෙනත් කිසිම රටකට වඩා තීව‍්‍රය. පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගත් නමුත් එහි පල ප‍්‍රයෝජන සමාජයේ සියලූ අංශවලට සැලකිය යුතු  ආකාරයකින් බෙදි ගොස් නැත. පහළම සමාජ ස්ථරවල දරිද්‍රතාව වඩාත් තියුණු වී ඇති අතර ධනය ඒක රාශිවීමද විශාල වශයෙන් සිදුවේ. එවැනි අභ්‍යන්තර දේශපාලන විතැන්වීම් දැකිය හැකි වුවද ගෝලීය වශයෙන් දේශපාලන නියෝජනය අත්‍යවශ්‍ය කාරණයකි. මෙම රටවල් අතුරින් රුසියාවට හා චීනයට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමි වන නිසා කිසියම් බලපෑමක් කළ හැකි වුවද විශේෂයෙන් බ‍්‍රසීලයට හා ඉන්දියාවට එම අවස්ථාව ලැබී නැත. එම නිසා බි‍්‍රක්ස් එකතුවේ දේශපාලන ඉල්ලීම් වන්නේ දේශපාලන හා ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඇති රටවලට ද ගෝලීය මට්ටමේ ප‍්‍රතිපත්ති තීරණ ගැනීමට ඉඩ සැලසෙන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රති සංවිධාන විය යුතුය යන්නයි. නව දිල්ලියේ පැවති සිව්වැනි සමුළුවේදී බි‍්‍රක්ස් එකතුව ගත් තීරණ හා එකඟතා ඔවුන්ගේ නව ආර්ථික ශක්තියට දේශපාලන පිළිගැනීමක් ලබා ගැනීමේ උත්සාහයක් බව පැහැදිලිය. එහෙත් එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තවත් බොහෝදුර ගමන් කළ යුතුය. ඒ සඳහා ආර්ථික ශක්තිය මෙන්ම දේශපාලන එකඟතාවක් පවත්වා ගැනීම අතිශයෙන් වැදගත් වුවත් පහසු වන්නේ නැත. එම නිසා බි‍්‍රක්ස් එකතුවේ අනාගතය දේශපාලන ක‍්‍රියා මාර්ගයක් හා ගැට ගැසී ඇති බව පැහැදිලිය.  



අදහස් (0)

නැගී එන ආර්ථික එකමුතුවලට සැබෑ බලවේග විය හැකිද?

අලිබබා Friday, 06 April 2012 11:25 PM

කෝකටත් ඔය මැද තලප්පාවක් දාගෙන ඉන්නකෙනාගෙන් පරිස්සමිවුනොත් හොදා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site