බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවෝ 483 දෙනෙක් ඊයේ (2) පොලිස් අත්අඩංගුවට පත්වූහ.
විරෝධතාව සංවිධානය කර තිබුණේ බෙල්ජියම් සාම කි‍්‍රයාකාරීන්ගේ එකමුතුවක් වන ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයයි.
විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක්, නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේ නේටෝ හමුදා ඇෆ්ගන් සහ ලිබියා අර්බුදයට මැදිහත්වන බවටත් න්‍යෂ්ටික යුද්ධයක් ඇරැඹීමට කටයුතු කරන බවටත් චෝදනා කරමිනි.
”කිසිම විරෝධතාකරුවකුට ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.” යැයි බ‍්‍රසල්ස් නුවර පොලිස්පති කි‍්‍රස්ටියන් දෙ කොනික් පවසයි.
‘නේටෝව එපා. නේටෝව විසුරුවා හරිමු. අපට දැන්ම සාමය ඕනෑ’ යැයි කෑ ගසමින් විරෝධතා පුවරු අතැතිව පැමිණි විරෝධතාකරුවන් ගොඩනැගිල්ල ඉදිරියට පැමිණෙද්දී කැරැලි මර්දන පොලිස් නිලධාරීහු ඔවුන්ට හරස් වූහ. පොලිස් අශ්වාරෝහක බළකායක් ද ඒ අතර සිටියේය.
ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය. අත්අඩංගුවට ගැනීමේදී කිසිම විරෝධතාකරුවකුට අනතුරක් සිදු නොවූ බව බ‍්‍රසල්ස් පොලිස්පති අවධාරණය කරයි. විරෝධතාකරුවන් මෙල්ල කිරීමට පොලිස් නිලධාරීන් 600 ක් යොදවා තිබුණි.
”ලෝකයට යහපතක් කරනවා යැයි පවසමින් නේටෝව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වෙනවා. ආරක්ෂාව යැයි පවසමින් න්‍යෂ්ටික මිසයිල වැඩසටහනක් ආරම්භ කරන්න සැරසෙනවා. අප ඊට විරෝධය පළ කරනවා” යැයි ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයේ ප‍්‍රකාශක බෙනෝයි කාල්වී පවසයි. විරෝධයට එක්ව සිටි වැඩි දෙනා බෙල්ජියම් ජාතිකයෝය. ඊට අමතරව නේටෝ සංවිධානයට අයත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මනි, ස්පාඤ්ඤ, ස්වීඩන සහ තුර්කි රටවල සාම කි‍්‍රයාකාරීහු ද ඊට එක් වූහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට