ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය පාකිස්තානය හරහා ප්‍රවාහනය කිරීමට විරෝධය පාමින් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර තෙක් ඊයේ (9) දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. පෙළපාළිය සංවිධානය කළේ ‘පාකිස්තානය ආරක්ෂකයන්’ නමැති දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයයි. ඔවුන් කියා සිටියේ පෙළපාළියට 25,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බවය. එම පිරිස බස්රථ, ලොරි, ට්‍රක් රථ, වෑන් රථ සහ කාර්වල නැගී කිලෝ මීටර් 275 ක දුරක් ගෙවා ඊයේ සවස් වනවිට ඉස්ලාමාාද් අගනුවරට පැමිණියහ. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ පෙළපාළියට එක්ව සිටියේ 8,000 ක් පමණක් කියාය. ඇමෙරිකාව සමඟ පවතින මිතුදම් වහා නැවැත්විය යුතු බවත්, ඇෆ්ගනිස්තානයෙන් සහ පාකිස්තානයෙන් ඇමෙරිකා නිලධාරීන් සහ සෙබළුන් වහා ඉවත්ව යා යුතු බවත් විරෝධතාකරුවෝ හඬ නැඟූහ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නේටෝ සැපැයුම් මාර්ග විවෘත කළාට එරෙහිව දැවැන්ත පෙළපාළියක්