නත්තල් සීයාගේ ලොකුම උදව්කරුවා වන්නේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය යැයි කිවහොත්?
මෙය ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය (නෝරාඩ්) සෑම වසරකම නත්තල් මාසයේ කි‍්‍රයාත්මක කරන වැඩසටහනකි.තමන් නත්තල් සීයාගේ උදවුකරුවා ලෙස පෙනී සිටින්නේයැයිද නත්තල් සීයා පිළිඹඳ ඕනෑම තොරතුරක් තමන්ගෙන් ලබාගත හැකි යැයිද ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය තම ෆේස්බුක් පිටු වල හා වෙබ් අඩවි වල දක්වයි.
එම වෙබ්අඩවි වල සදහන් දුරකථන අංක වලට ඕනෑම අයෙකුට කතා කළ හැකි අතර නත්තල් සීයා පිළිඹද ඕනෑම තොරතුරක් ලබා දීමට ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ මෙම වැඩසහටන වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනා ස්වේච්ඡා බලකාය සූදානම්ය.
මෙම වසරේ ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමාද මෙම වැඩසටහනට එක්ව සිටින්නීය.
ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ වෙබ් අඩවියේ වන සිතියමකි.එහි දැක්වෙන්නේ ලෝක ගුවන් ගමනාගමනයන් දැක්වෙන සිතියමකි.නමුත් දෙසැම්බර් මස 25 වැනිදාට එහි දැක්වෙන්නේ ගුවන් ගමනාගමනයන් නොවේ.නත්තල් සීයා මේ වන විට සිටින්නේ කොතැනද,මේ වන විට රටවල් කීයකට ඔහු තෑගි බෙදා දී තිබේද ආදී දේය.
‘‘අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.කුඩා ළමයි තමයි අපට කතා කරන්නේ.කතා කරපු ගමන් අහන පළවෙනි ප්රශ්නය තමා නත්තල් සීයා මගේ ගෙදරට එන්නේ කීයටද කියලා.ඉතින් අපි කියනවා ඔයා නිදාගත්තේ නැත්තම් එයා එන එකක් නැහැ.
නිදාගෙන නැගිට බලන්න ඒයා ඔයා ඉල්ලපු තෑගි තියල ගිහිල්ල තියෙයි කියලා.අපට සමහර වෙලාවට ඇහෙනවා එම දරුවන්ගේ දෙමව්පියෝ ඔවුන්ට කියනවා අන්න ඇහුණ නේද.දැන් ගිහිල්ලා නිදාගන්න.උදේට තෑගි ලැබිල තියෙයි කියලා.කොහොමහරි ඔවුන්ව නින්දට යවලා දෙමව්පියෝම තමයි ඔවුන් වෙනුවෙන් තෑගි තියන්නේ.අපි කරන්නේ නත්තල් හැගීම ඇති කිරීම පමණයි.‘‘ කියන්නේ වැඩසටහනේ සාමාජිකයෙකු වන මේජර් ජේමි හම්පි්රය.
පසුගිය වසරේ නත්තල් සමයේදී ලක්ෂ 220 කට අධික ප්‍රමාණයක් නෝරාඞ් වෙබ් අඩිවයට පිවිස තිබුණු අතර ෆෙස්බුක් පිටුවට ලක්ෂ 12 ක සංඛ්‍යාවක් දායකත්වය ලබා දී ඇත.ට්විටර් ගිණුමට ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් දායකත්වය ලබා දී තිබුණු අතර ලක්ෂයක පමණ දුරකථන ඇමතුම් සංඛ්‍යාවකට පිළිතුරු දීමටත් ස්වේච්ඡුා සාමාජිකයින්ට සිදුව තිබුණි.
‘‘ඇතැමුන් අහනවා නත්තල් සීයාගේ වයස කීයද,ඔහු කන්නේ බොන්නේ මොනවාද වගේ තොරතුරු.අපිත් ඉතින් දන්න විදිහට උත්තර දෙනවා.‘‘
‘‘ළමයින් කියන්නේ තමන් ගැනම හිතන අය පමණක් නොවේයි කියලා අපිට ලැබුණු ඇමතුම් දිහා බලන කොට තේරෙනවා.මම උදාහරණයක් කියන්නම්.පසුගිය වසරේ මට ඇමතුමක් ලැබුණා.
කුඩා දරුවෙක් කතා කළේ.ඔහු කීවා මම කෙනෙටිකට් ප්‍රාන්තයෙන් කියලා.කෙනෙටිකට් වල තමයි ඒ අවුරුද්දේ පාසලක වෙඩි තැබීමක් සිදුවුනේ.ළමුන් කිහිපදෙනෙකුගේම ජීවිත නැති වුනා.ඔහු ඉල්ලූවේ තමන්ට තෑගි නොවේ.ඔහු ඇහුවේ නත්තල් සීයාට පුලූවන් වෙයිද මට තෑගි ටිකක් එවන්න මට ඒවා මගේ නැතිවෙච්ච යාලූවන්ගේ පවුල්වල අයට දෙන්න ඕනේ කියලා‘‘ ඒක අහලා මට ඇඩුනේ නැති එක විතරයි. යැයි කියන්නේ තවත් ස්වේච්ඡා සාමාජිකාවක වන සාරා බර්ගොෆ්ය.
මෙම වැඩසටහන ආරම්භ වී ඇති අයුරුත් අපූරුය.1955 වසරේ පුවත්පතක නත්තල් තෑගි ලබා ගැනීමට අමතන්න යැයි සදහන් වී තිබූ දැන්වීමක වැරදීමකින් සටහන්ව තිබී ඇත්තේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ දුරකථන අංකයයි.එදවස ගුවන් ආරක්ෂණ බලකායේ නිළධරයින් විමතියට පත්කරමින් තෑගි භෝග ඉල්ලා ඇමතුම් ගලා ආ බව සදහන්ය.නත්තල හා බැදෙන වැඩසටහනක් ඇති කිරීමට ගුවන් ආරක්ෂණ බලකායේ නිළධාරීන් කටයුතු කර ඇත්තේ මින් පසුවය.
එක්සත් ජනපද ආරක්ෂක අංශ හා සිවිල් ජනතාව අතර යහපත් සබදතාවක් ඇති කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.ආරක්ෂක අංශ සාමාජිකයින් යනු ලෙයින් මසින් සැදුණු හැගීම් දැනීම් ඇති මිනිස් කොට්ඨාශයක් බව සිවිල් වැසියන්ට දැනවීමද වැඩසටහන ඔස්සේ සිදුවන බව බළධරයින් කියයි.
මෙම වසරේ තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන අතර ඊට හේතුවී තිබෙන්නේ නත්තල් සීයා ගේ හිම කරත්තය ඇමරිකා ප්‍රහාරක යානා වලින් රැුගෙන යනු දැක්වෙන වෙළද දැන්වීමක් නොරාඞ් පළ කර තිබීමයි.මෙනිසා නත්තලත් මිලිටරිකරණය කරන්නට යන්නේ යැයි ඇමරිකාව වෙත ඇතැම්හු චෝදනා නගා ඇත.
නමුත් නෝරාඞ් මෙම චෝදනා බැහැර කර ඇත.තම හැකි පමණින් නත්තල් අසිරිය ඇති කිරීමට දායක වීම මිස වෙනත් අදහසක් නොමැති බව චෝදනා වලට පිළිතුරු බදිමින් ස්වේච්ඡා වැඩසටහන වෙනුවෙන් පෙනී සිටිනා සාමාජික පිරිස ප්‍රකාශයක් නිකුත් කර ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නත්තල් සීයා සමඟ හලෝවෙන් කතාවට ඉඩ