IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


නොබෙල් සාම ත්‍යාගය මලාලා ට

දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධකයෙක් වන කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට  2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමිව ඇත.

17 වැනි වියේ පසුවන මලාලා නොබෙල් ත්‍යාගය හිමිකැරගත් ලාබාලම තැනැත්තිය ද වෙයි.

2012 දී තලෙයිබාන් තුවක්කුකරුවකු විසින් එල්ල කරණ ලද වෙඩි පහරින් ඇගේ හිසට බරපතල ලෙස තුවාල විය. ඒ ඇය ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ කගමින් සිටිය දී ය. ඇය දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි. .

මෙම යුගලය ළමා සහ තරුණ ක්‍රියාකාරකම් මර්ධනය නතර කිරීමට එරෙහිව  කරණ ලද බලවත් පරිශ්‍රමය ගැන නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රසංසාවට ලක්වී තිබේ.

සත්යාර්ති මහතා (60 ) මහත්මා ගාන්ධි සම්ප්‍රදාය අනුගමනය කරන්නෙක්වන අතර ළමා ශ්‍රමය ආර්ථික වාසි සඳහා  සූරා කෑමට එරෙහිව පැවැත්වු  සාමකාමි  විරෝධතා විශාල ප්‍රමාණයකට නායකත්වය ලබාදි තිබෙන බව ඔස්ලෝ හි නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබේ.

මෙම ත්‍යාගය තමා විසින් දිනාගෙන ඇති බව දැනගත් සත්යාර්ති මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ එය සමස්ථ ඉංදියානුවන්ට විශාල ගෞරවයක් බවයි. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ තමන්ට ලැබෙන ත්‍යාගය ද ලෝකයේ ළමයින් වෙනුවෙන් කැප කරන බව යි.  

2013 දී ටයිම්ස් සඟරාව මගින් මලාලා ඉතාමත් වැදගත් පුද්ගලයා ලෙස මින් ඉහත දී සම්මානයට පාත්‍ර වූවාය. යුරෝපා සංගමය මගින් පිරිනමන කීර්තිමත් සක්හරෝවි මානව අයිතිවාසිකම් සඳහා වන ත්‍යා ද මින් ඉහත ඇය විසින් දිනාගත්තාය.



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය මලාලා ට

අසංග Saturday, 11 October 2014 08:44 AM

මලෙලා මොනවද කරලා තියෙන්නේ නොබෙල් ත්‍යාගය ගන්න තරම්. (අ)

:       0       0

උත්තරා Saturday, 11 October 2014 08:55 AM

ලමයි අරන් ඉස්කෝලේ ගිය. තලේබාන්ලා වෙඩි තිබ්බ. මලාල වීරයෙක් කල. ඇත්තටම ඩොලර් කෝටියක් දුන්නත් කමක් නැහැ. මේ වගේ වීරවරියන් හදන එකෙන් වෙන්නේ අන්තවාදීන් තවත් ඇවිස්සෙන එක. මේකෙන් පෙන්නේ බටහිර සල්ලිකාරයන්ගේ ඔලුව ඉදිමුන ස්වභාවය. තමන්ට කැමති දෙයක් කැමති විදියට කරන්න පුළුවන් කියන අහංකාර කම. (අ)

:       1       0

මොහාන් Friday, 10 October 2014 08:24 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

යුනුස් Saturday, 11 October 2014 09:58 AM

තලෙයිබානුවන් නිසා තමයි මැයට නොබෙල් ත්‍යාගය ලැබුණේ. ඒක තමයි තිත්ත ඇත්ත. (හේ)

:       0       0

හෂාන් Saturday, 11 October 2014 10:59 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ගයන් Saturday, 11 October 2014 10:24 AM

මොන ප්‍රශ්න තිබ්බත් සාම ත්‍යාගය ලැබෙන්න තිබ්බේ ශ්‍රි ලංකාවේ ජනාධිපතිට මිට අවුරුදු කිහිපයකට කලින් හරි. අනෙක් රටවල ගැටුම් තව තවත් උග්‍ර වෙද්දී අද සිංහල දෙමල උදවිය සාමයේ පහස අත් විදිනවා. (අ)

:       0       2

සිල්වා Sunday, 12 October 2014 01:19 PM

එතකොට අවරුදු තිස් ගණනක හිටිය ලෝකයේ කුරිරුම ත්‍රස්තයන් පරදවපු අපේ රටේ ජනාධිපති තුමාට දෙන්නේ මොනවද මේ කට්ටිය .(හේ)

:       0       0

නිලංග Saturday, 11 October 2014 11:21 AM

අපි හරියටම ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් පකිස්තානුවෙක් මා සමග පුද්ගලිකව පැවසුවා මේ ළමයා වෙනත් රටවල රූකඩයක් බවට පත් වෙලා කියලා. ඔහු කියන්නේ ඇයට ඇත්තටම ඔය කියන තරම භයානක විදියට වෙඩි වැදුනෙත් නැහැ. ඔක්කොම රැවටීම් කියල. මේ ඇගේ උපන් රටේ අයගේ මතය පමණයි. (නදී)

:       0       0

බ්‍රයන් Sunday, 12 October 2014 02:09 AM

මොනවා වුණත් ඇය වීර දැරියක් (නි)

:       0       0

ධනවංශ Saturday, 11 October 2014 11:42 AM

ලබන වසරේ ඔබටද යම්කිසි විශේෂ ක්‍රමවේදයක් යටතේ මෙවැනි ත්‍යාගයක් ලැබීමට වාසනාව ලැබේවා.(හේ)

:       0       0

කමල් Sunday, 12 October 2014 03:20 PM

ඉරාකයට,ලිබියාවට,සුඩානයට,ඇෆ්ඝනිස්තානයට,පාකිස්තානයට සහ සිරියාවට බෝම්බ දැම්ම ඔබාමාත් නොබෙල් සාම ත්‍යාගලාභියෙක්.(හේ)

:       0       0

චන්දන‍ Saturday, 11 October 2014 01:02 AM

මේ ළමයා ගැන සමහර පකිස්තානුවන්ගේ එතරම් පැහැදීමක් නැහැ. බටහිර රටවල අතකොළුවක් වෙලා කියලයි ඔවුන් කියන්නේ. (නි)

:       0       0

බටු ගෙදර Saturday, 11 October 2014 02:41 AM

ඔන්න තවත් එක නාඩගමක් (අ)

:       0       0

තිලක් Sunday, 12 October 2014 06:50 AM

නවිපිල්ලේ නෝනට දෙන්න කියලා අපි නිර්දේශ කරා. කරා ලැබුනේ නැත්තේ ඇයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 11 October 2014 04:00 AM

නොබෙල් ත්‍යාගය ආසියාවට මහත් ගෞරවයක්. (හේ)

:       0       0

සිරිපාල Saturday, 11 October 2014 01:09 PM

නොබෙල් කමිටුව මෑතක ඉඳල සාම ත්‍යාගය දෙන්නෙ දේශපාලනීය කරන ලද චරිත වලටනේ.(හේ)

:       0       0

ගාමිණී Saturday, 11 October 2014 04:00 AM

නොබෙල් ත්‍යාගය ආසියාවට ලැබීම ගැන ආඩම්බරයට කරුණක්.(හේ)

:       0       0

පුෂ්පකුමාර Sunday, 12 October 2014 06:15 PM

ඔබ හරියටම හරි සිල්වා, අපේ ජනාධිපති තුමා බොදුබල සේනාව හරහා දියත් කර තිබෙන ජාතින් අතර සංහිදියා වැඩපිළිවෙල මෙන්ම, මියන්මාරය වැනි ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහලින්ම ක්‍රියාත්මක වෙන රටක දේශපාලන ක්‍රමය ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කිරීම තුල, දැඩි ඒකාධිපති පාලනයක් පවතින යුරෝපය සහ ඇමරිකාව වැනි රටවලට දෙන දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩය තුල අනිවාර්යයෙන්ම අපේ ජනාධි පති තුමාට මේ නෝමන් ගේ ත්‍යාගය හිමිවිය යුතුයි. (අ)

:       0       0

විකුම් Saturday, 11 October 2014 01:39 PM

මලාල දැරිය අනිත් රටවල රූකඩයක් කියලා. ඔන්න ඕක තමයි දුප්පත් හින මානසිකත්වයක් තියන මිනිසුන් ඉන්න තුන්වෙනි ලෝකයේ රටවල මිනිසුන් හිතන විදිහ.(හේ)

:       0       0

සේන Saturday, 11 October 2014 04:57 AM

මලාලාගේ වැඩ වලට අකමැති බොහෝදෙනෙක් සිටින එක එත්තක් නමුත් කාන්තා අධ්‍යාපනයට විරුද්ද දැඩි පිරිමි ආදිපත්‍යක් තියෙන රටක මලාලාගේ කැපකිරීමට සාදාරණයක් වුනා කියලා මටනම් හිතෙන්නේ(දිල්)

:       0       0

රජින්ද Saturday, 11 October 2014 05:12 AM

පාකිස්ථානය කවදද කාන්තාවන්ට ගරු කළේ. (හේ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 11 October 2014 05:39 AM

ත්‍රස්තවාදීන්ට මරු කනේපහරක් .මලලා දැරියට දෙව්පිහිටයි (අ)

:       0       0

ආරියසිරි Saturday, 11 October 2014 02:30 PM

තේරීම නිවැරැදියි.(හේ)

:       0       0

රවිඳු Saturday, 11 October 2014 07:41 AM

පකිස්ථානය කියන්නෙත් අපේ අයගේ වර්ගයේ මොලගෙඩි තිබෙන මිනිස්සු ඉන්න රටක්නේ. බුද්ධිමත්ව, මධ්‍යස්තව හිතන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අන්තවාදී දුර්දාන්ත අදහස් වලින් පිරුණු, පුහු මාන්නයෙන් හිස උදුම්මා ගත් මාන්නක්කාර "බහුතරයක්" සිටින රටක් තමයි වර්තමාන පකිස්ථානය. මලාලා වැනි වීර චරිතයක් හිමි දැරියකට එහෙව් රටක ජනතාවකට අගයක්,වටිනාකමක් තියේවිද? ඒකනේ අද පකිස්ථානයට ඔහොම වෙලා තියෙන්නේ....මලාලා වැනි වීර දැරියන් අපේ රටෙත් බිහිවේවා යැයි ප්‍රර්ථනා කරමි!! (අ)

:       0       0

කැලුම් Saturday, 11 October 2014 07:50 AM

2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමි වු ලාලා යුසෆ්සායි සහ කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට සුභ පැතුම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 40 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 46 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 21 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 777 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2172 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site