නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරාහි දී පාසැල් සිසුවියන් 300ක් පමණ පැහැරගෙන ඇතැයි වාර්තා වේ.
පාසලේ ගුරුවරයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ අද (26) උදෑසන තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් සිසුවියන් 300 ක් පමණ සොයා ගැනීමට නොමැති බවයි.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ද මෙම ප්‍රහාරය සනාථ කර ඇති නමුත් වැඩි විස්තර ලබා දී නොමැත.
ජන්ගෙබේ රජයේ බාලිකා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. සමහර තුවක්කුකරුවන් රජයේ ආරක්ෂක හමුදා ලෙස සැරසී සිටි අතර ඔවුන් පාසැල් සිසුවියන් වාහන වලට බලහත්කාරයෙන් ඇතුළු කළ බව ඇසින් දුටුවෝ පවසති.
පහරදීම සිදුවන අවස්ථාවේ පාසලේ සිසුවියන් 421 දෙනකු සිටි බවත් පසුව ගනනය කර බලන විට සිටියේ 55 දෙනකු පමණක් බවත් ඒ අනුව 300 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවට විශ්වාස කරන බවත් ගුරුවරයෙකු පවසා ඇත.
සන්නද්ධ කණ්ඩායම් විසින් කප්පම් ලබාගැනීම සඳහා බොහෝවිට පාසැල් ළමුන් අත්අඩංගුවට ගන්නා අතර මෑත සතිවල මෙතරම් විශාල සංඛ්‍යාවක් පැහැරගත් ප්‍රථම අවස්ථව මෙයයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙලෙසම පිරිමි පාසලකට කඩා වැදුනු තුවක්කුකරුවන් පිරිසක් විසින් සිසුන් 300ක් පමණ පැහැරගෙන ගිය අතර සාකච්ඡා වලින් පසුව නිදහස් කර තිබිණි.
(බීබීසී ඇසුරිණි)
085
ජපානයේ නිෂ්පාදිත, ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සාර්ථකව සිදුවිය. ජපන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් මෙම කුඩා ලී චන්ද්‍රිකාව, පෘථිවි කක
ඇමෙරිකන් වැසියන් ඡන්දය ප්‍රකාශ කරද්දී, ඇමෙරිකන් ජනපද හතරක, ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක් හටගත්තේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බොහෝ දෙනා අනාවැකි පළ කළ ආකාරයට තියුණු සටනක් පැවැතියත් අවසානයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේ
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති