න්‍යෂ්ටික අවි මෙළොවින් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා වූ ඇමෙරිකාවේ දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් සෝවියට් රුසියවේ හිටපු ජනපතිවරයකු වන මිහායිල් ගොර්බචොව් පෙරේදා(9) පැවැසීය. න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීම සම්බන්ධයෙන් වන ආයතනයක් සමඟ පැවැති වීඩියෝ සාකච්ඡාවකදී හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේය. ‘මේ වන විට නවීනතම අවිආයුදවලින් සන්නද්ධ සෑම රාජ්‍යකටම ඉහළින් සිටින රට වන්නේ අමෙරිකාවයි. න්‍යෂ්ටික අවි පාලනය කිරීමේ හැකියාව ඇත්තේ ද ඇමෙරිකාවට වූවත් ඔවුන් ඉන් ඉවත්ව සිටිනවා.’යැයි ද ගොර්බචොව් සඳහන් කළේය. 1986 වසරේදී සෝවියට් ජනපති ගොර්බචොව් සහ ඇමෙරිකා ජනපති රොනල්ඞ් රේගන් එකිනෙකා හමුවී සාකච්ඡා කළ රෙක්ජාවික් සමුළුව පිළිබඳව සිදු කළ මෙම වීඩියෝ සංවාදයේදී ගොර්බචොව් රුසියන් බසින් අදහස් දැක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලෝක බලවතුන් සතුව මේ වන විට න්‍යෂ්ටික යුද ශීර්ෂ 20,000කට අධික ප‍්‍රමාණයක් තිබෙන අතර දින කිහිපයකින් අපගේ මුළු ශිෂ්ටාචාරයම වළලා දැමීමේ හැකියාවක් ඒවා සතු බව ද ගොර්බචොව් කියා සිටියේය. න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් වැළකී සිටිමේ පනතට මේ වන විට ලොව රටවල් 200ක් පමණ අස්සන් කර ඇත. නමුත් න්‍යෂ්ටික බලය බහුලව භාවිත කරන රාජ්‍යයන් වන අමෙරිකාව, ඉන්දියාව, චීනය, ඉරානය සහ ඊශ‍්‍රායලය යන රටවල් ඒවා සීමා කිරීමට හෝ තහනම් කිරීමට පියවර නොගැනීම මුළු ලෝකයටම අනතුරුදායක තත්ත්වයක් මතු කර ඇතැයි ද ගොර්බචොව් පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ
බී.කේ .ජයසුන්දර Wednesday, 10 October 2012 06:06 PM
සෝවියට් දේශය ඇමරිකාවට පාවාදුන් අය දැන් බයිලා කියනවා. (නි)
ශාලනී Thursday, 11 October 2012 08:53 AM
මෙයා පාලනය කරන්න කියන්නෙ රුසියාවෙ ඇර අනිත් රටවල ඒවා නේද?ඒකෙත් හැටි...එතකොට සීතල යුධ සමයේ රුසියාව හදපු එව්වට මොකද කරන්නේ?(ස)
ජයමාල් Wednesday, 10 October 2012 03:18 PM
දැන් ඉතින් බණ කියන්න. . (ස)