
ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරිස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය පෘථිවියට බාර දුන් ‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයේ පස් සාම්පල පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.
පස් සාම්පල නාසා ආයතනයේ, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂ පර්යේෂණාගාරයකට යවා ඇති බවත්, මූලික පරීක්ෂණ ප්‍රතිඵල ඔක්තෝබර් 11 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මීටර් 500 ක විෂ්කම්භයක් ඇති ‘බෙන්නු’ ග්‍රහකය, පෘථිවිට වඩා පැරැණි බව තාරතා විද්‍යාඥයන්ගේ මතයයි. ග්‍රහකය, අප සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ සිදුවුණු හැලහැප්පීම්වලදී කැඩී වෙන්වුණු කැබැල්ලක් බව ද පැවැසෙයි.
ග්‍රහනකයේ පස් සහ දූවිලි පරීක්ෂා කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ රහස් මෙන්ම, පෘථිවියේ ජීවය පහළ වීම පිළිබඳ රහස් ද අනාවරණය කර ගැනීමට හැකිවේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
‘ඔසයිරිස් රෙක්ස්’ යානය, ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි රැගෙන ආපසු පෘථිවිය වෙත ආවේ වසර 7 ක මෙහෙයුමකට පසුවය. යානය, පස් සහ දූවිලි අඩංගු කැස්පියුලය පෘථිවියට විසි කර, එය පහළට වැටෙන්න සලස්වා, නව මෙහෙයුමක් ආරම්භ කර, පෘථිවිය පසුකර ගියේය.
ලොව පුරා විද්‍යාඥයන් 233 දෙනකු සහ පර්යේෂණ ආයතන 38 කට ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල යැවෙනු ඇති බවත් ඔවුන් වෙන වෙනම ඒවා අධ්‍යයනය කරනු ඇති බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගෙනවිත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු නාසා විද්‍යාඥයන් ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, ‘ඇපොසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට යැවීය. ඒ අනුව නාසා ආයතනය දැන් ‘ඔසයිරිස් රෙක්ස්’ යානය නම් කර ඇත්තේ ‘ඔසයිරිස් ඒපෙක්ස්’ යන නමිනි. යානය, ‘ඇපොසිස්’ ග්‍රහකයක බලා යනු ඇත්තේ 2029 දීය.
2025 දෙසැම්බර් මස 04
764
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාසා යානය රැගෙන ආ පස් සාම්පල පරීක්ෂා කෙරේ