අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි අද (13) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එල්ල වී ඇති චෝදනාවලට ගිලානි වරදකරු වුවහොත්, මාස 6 ක් සිර දඬුවම් විඳීමට සිදුවන අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. අගමැති ගිලානි සහ පාකිස්තාන රාජ්‍ය නිලධාරීන් රැසකට දූෂණ වංචා චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාවලට නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීමෙන් පාකිස්තාන අගමැතිවරයාගේ අක‍්‍රියවත්භාවය පෙන්නුම් කෙරෙන බව ද එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකෙන බවද පවසමින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කොට තිබිණ. ඒ අනුව අගමැති ගිලානි ඉකුත් දෙවැනිදා පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවාරය අදට කල් තැබිණ. අගමැති ගිලානි සිය නීතීඥ අටිසාස් අෂාන් මගින් ඉකුත් සිකුරාදා (10) අභියාචනයක් ද ඉදිරිපත් කළ නමුත් අධිකරණය එය නිෂ්ප‍්‍රභ කළේය. අගමැති ගිලානී ඉකුත් මාසයේ ඇමෙරිකාවේ සී.එන්.ඒ. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇත්තේ අවශ්‍ය නම් සිරබත් කෑමට පවා තමන් සූදානම් කියාය.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තාන අගමැති අදත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට