පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ඊයේ (17) උදෑසන එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ කරච්චි නුවරට නිරිත දෙසින් පිහිටි ක්වසීම් නමැති නගරය අසලදීය. පාකිස්තාන පුවත් සේවා පැවැසුවේ අනතුරින් 25 දෙනකු මියගිය බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කියාය. කෙසේ නමුත් ඇතැම් විදෙස් පුවත් සේවා වාර්තා කළේ අනතුරින් මිය ගියේ දෙදෙනකු පමණක් කියාය. දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් එක් දුම්රියක් පීලි පැන අනෙක් දුම්රිය මත පතිත වී ඇත. දුම්රිය මැදිරි තුළ තුවාල ලබා සිරවූවන් බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන් සහ සහන සේවා නිලධාරීන් යුහුසුළු වූ අතර ඔවුන්ට හමුදාවේත් පොලිසියේත් සහාය හිමි වී ඇත. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ සවස් වන තුරුම සිදු වූ අතර ජින්නා රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ තුවාල ලැබූවන්ට කඩිණමින් ප‍්‍රතිකාර ආරම්භ කර ඇති බවය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තාවේ. ඒ අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද රෝහල් බලධාරීහු පවසති. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවුණේ කුමක්දැයි සෙවීමට කඩිණමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි පාකිස්තාන රජය පවසයි. කරච්චි දුම්රිය ස්ථාන බලධාරීන් පවසන්නේ සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවූ බවය. අනතුර සිදුවෙද්දී දුම්රිය දෙකෙහි අටසියයකට වැඩි පිරිසක් ගමන් කළ බව ද පාකිස්තාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටී 25 දෙනෙක් මරුට: 100 කට තුවාල
මාලිංග Wednesday, 19 September 2012 12:50 PM
මිය ගිය සැමට නිවන් සුව (දී)
ලලිත් Wednesday, 19 September 2012 09:13 AM
අම්මෝ. මිනිස්සු නේද මේ. පව්, අහිංසක මිනිස්සු (දී)
මධු Tuesday, 18 September 2012 10:48 PM
හොද පුවතක්. (නි)
වෙනුර Wednesday, 19 September 2012 10:28 PM
එයාලට අල්ලා දෙවියන්ගේ ලැබෙන දඩුවම තමයි.(නදී)