ඉකුත් වසරේදී පාකිස්තානය විසින් වසා දමන ලද ඇෆ්ගනිස්තානය දක්වා දිවෙන නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා(3) ප‍්‍රකාශ කළාය.
සැපයුම් මාර්ග වසා දැමීමට තුඩු දුන් ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන මුරපොළකට එල්ල වූ ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරයෙන් මියගිය සෙබළුන් සම්බන්ධයෙන් පාකිස්තානයෙන් සමාව ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය. පාකිස්තාන විදේශ ඇමැති හිනා රබ්බානි කාර් සමඟ පැවැති දුරකතන සංවාදයකින් අනතුරුව හිලරි ක්ලින්ටන් මේ බව පවසා ඇත.
දිගින් දිගටම පාකිස්තාන රජය පැවසුවේ සැපයුම් මාර්ග විවෘත කිරීමට නම් ඇමෙරිකාව මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත යුතු බවයි. මේ සිදුවීමෙන් අනතුරුව පාකිස්තානය දේශසීමා පසු කිරීමේදී ඇමෙරිකානු සහ නේටෝ සැපයුම් රථයකින් අය කෙරෙන ගාස්තුව වන ඩොලර් දෙසිය පනහක මුදල පන්දහස දක්වා ඉහළ දැමීමට පාකිස්තානය තීරණය කළ නමුත් පසුව එය පෙර තිබූ ගාස්තුව දක්වා පහළ දැමීමට එරට රජය පියවර ගත්තේය.
මීට පෙර අවස්ථාවකදී නව පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රෆ් කියා සිටියේ මාස හතක් තිස්සේ සැපයුම් මාර්ග වසා තැබීම හේතුවෙන් ඇමෙරිකාව සහ නේටෝ සාමාජික රටවල් පාකිස්තානය සමඟ පවත්නා සබඳතාවලට අයහපත් බලපෑම් එල්ල කරනු ඇති බවයි.
වසා දැමුණු නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීම සහ රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අගමැති අෂ්රෆ් සහ එරට පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව අතර සාකච්ඡුා පෙරේදා(3* දිනයේදී පැවැති බවත් එහිදී මෙම සැපයුම් මාර්ග විවෘත කිරීමේ තීරණය ගත් බවත් පාකිස්තාන රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
මෙම සාකච්ඡුාවලට හමුදා ප‍්‍රධානීන්ට අමතරව එරට ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් ද සහභාගී වූහ. පාකිස්තාන හමුදාපති අෂ්ෆක් කයානි සහ බුද්ධි අංශ ප‍්‍රධානී සහීර් උල් ඉස්ලාම් යන නිලධාරීන් ද මෙම සාකච්ඡුාවලට සහභාගී වූ බව වාර්තා වේ.
සැපයුම් මාර්ග යළි විවෘත කිරීම ඇෆ්ගනිස්තානයෙන් නේටෝ සහ ඇමෙරිකානු භටයන් ඉවත් කිරීමේ කටයුතුවලට මනාපිටිවහලක් වනු ඇතැයි ද හිලරි ක්ලින්ටන් පැවැසුවාය.
ඇෆ්ගනිස්තානය වසා පැතිර පවත්නා ත‍්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිවන මිනිසුන්ට මෙය වඩා වැදගත්වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
2014 වන විට ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටින විදෙස් හමුදා ඉවත් කිරීමට ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය තීරණය කර තිබේ. ඊට සමගාමීව 2013 අවසාන වෙද්දී ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත රටේ පූර්ණ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් පැවැරීමට ද නේටෝ හමුදා කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානය නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කරයි
ආ Thursday, 05 July 2012 12:42 PM
ඇෆගනිස්ථාන් යුද්දෙන් දිනන්න බැරි ඇමරිකාව ඉරානෙට අත දික්කරනවා.....
දනි Friday, 06 July 2012 09:34 AM
වරිගේ වනසන්න පුදුම උනන්දුවක්...