පාකිස්තානයේ, බෙදුම්වාදී ගැටුම් බහුල, කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ ලකී මර්වාත් පළාතේ අලුතින් ඉදි කළ පොලිස් ස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 ක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල වූයේ ලකී මර්වාත් පළාතේ ඉදි කළ බර්ගායි පොලිස් ස්ථානයටය. ලකී මර්වාත් පළාත මායිම්ව පිහිටා ඇත්තේ දකුණු වසිරිස්තානයටය. ප්‍රහාරය සඳහා ගිනි අවි, රොකට් විදින සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක් පැමිණි බව පැවැසෙයි.
මොවුන් පොලිස් ස්ථානය වටකර පහර දෙද්දී, පොලිසිය ද පෙරළා ත්‍රස්තවාදීන්ට ප්‍රති ප්‍රහාර එල්ල කළ බවත් පැය කීපයක දරුණු සටනකින් පසු ත්‍රස්තවාදීන් පලා ගිය බවත් පැවැසෙයි.ලා ගිය ත්‍රස්තවාදීන් සෙවීමට පොලිස් බලඇණි කීපයක් යෙදවුණු බව පසුව වාර්තා විය.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වක් විසින් බාර ගනු ලැබ නැත. කෙසේ නමුත් ප්‍රහාරය එල්ල කළේ ‘තරීක් ඊ තලේබාන්’ හෝ ඔවුන්ට හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන් යැයි පොලිසිය විශ්වාස කරයි.
‘තරීක් ඊ තලේබාන්’ යනු පාකිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයයි. මොවුන් අල් කයිඩා සංවිධානය සමඟ ද සමීප සබඳතා පවත්වන බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර ඇත.
මීට පෙර ද අවස්ථා ගණනකදී ‘තරීක් ඊ කලේබාන්’ ත්‍රස්තවාදීන් පොලිස් ස්ථාන ඉලක්ක කර ගනිමින් සහ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.
පොලිස් ස්ථානයට එල්ල වූයේ ඉතා බියගුලු ප්‍රහාරයක් බව කයිබර් පක්තුන්කාවා ප්‍රාන්ත මහ ඇමැති මෙහ්මුද් ඛාන් පවසා ඇත. මේ අතර, පාකිස්තාන ජනාධිපති අසීෆ් අල්වී, ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සොව පළ කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාකිස්තානයේ පොලිසියකට ත්‍රස්තයෝ පහර දෙති