පාකිස්තානයේ පසුගිය වසරේ ඇති වූ දරුණු ගං වතුරෙන් ඇති වූ හානිය මග හරවා ගනිමින් නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉදිරි වසර 3 ක කාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබා දෙන ලෙස ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඉල්ලීමක් කර තිබේ.
1700 ක් මරණයට පත් කරමින් තවත් මිලියන 33 කට බලපෑ පසුගිය වසරේ ඇතිවූ ගං වතුරෙන් පිඩාවට පත් පාකිස්තානය නැවත ගොඩ නැගීම සඳහා ජපානය ඇතුළු රටවල් 40 ක නිලධාරීහු මෙම සමුළුවට සහභාගී වෙති.
එසේම ඇමෙරිකා එක්සත් ජනපදය පාකිස්තානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මානුෂීය සහායක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ඇමෙරිකාව පාකිස්තානයට ලබා දෙන මානුෂීය සහාය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් පවසා තිබේ.
එම සමුළුව ආරම්භ කරමින් පාකිස්තානයට ගං වතුරෙන් සිදු වූ හානියෙන් ගොඩ ඒමට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.3 ක මුදලක් අවශ්‍ය වන බවත් ඉන් අඩක් ජාත්‍යන්තරයෙන් ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාකිස්තානය බිලියන 8 ක් ඉල්ලයි
ganegoda Tuesday, 10 January 2023 06:57 PM
පාකිස්තානය නේටෝ එකට තර්ජනයක් වෙලා තියන මේ වෙලාවේ බිලියන 8 ක් ඉල්ලගන්න එක බුද්ධිමත් ක්‍රියාවක්