IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


පාකිස්තානයේ සරම්ප වසංගතයක්

පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින අතර, එයට ගොදුරු වූ දරුවෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය වාර්තා කර ඇත්තේ උතුරු වසිරිස්තානය සහ ඒ ආශි‍්‍රත ගෝති‍්‍රක ප‍්‍රදේශවලින් බාල මහලූ සරම්ප රෝගීන් 143 දෙනකු ගැන තොරතුරු තමන්ට ලැබී ඇති බවය. මේ වන විට සරම්ප වැළැඳුණු රෝගීන් 70 දෙනකුගෙන් උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නගරයේ ප‍්‍රධාන රෝහල පිරී ගොස් ඇත. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් උතුරු වසිරිස්තානයේ ප‍්‍රදේශ රැසක විදුලි බල සැපැයුම් කටයුතු වසර ගණනාවක් තිස්සේ අඩපණ වී ඇති හෙයින් රෝහල්වල සරම්ප එන්නත තබා ගැනීම ගැටලූවක් වී තිබේ. සරම්ප රෝගය, වසංගත තත්ත්වයකට පත් වීමේ ප‍්‍රධාන හේතුව වී ඇත්තේ එන්නත් නොමැති වීම යැයි පාකිස්තාන රජය පවසයි. උතුරු වසිරිස්තානය යනු තලේබාන් සටන්කාමීන්ගේ රජදහනයි. ඇෆ්ගනිස්තානයට යාබදව පිහිටි එය අතිශයින් දිළිඳු පළාතකි. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිසාත්, සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප‍්‍රහාර එල්ල කරන නිසාත් මිරන්ෂා රෝහලේ සේවයෙහි යෙදී සිටින්නේ වෛද්‍යවරුන් කිහිප දෙනකු පමණි. ”පසුගිය සති තුන පුරා දිනපතාම සරම්ප රෝගීන් රෝහල් ගත කෙරුණා. මේ වන විට රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින පිරිස 70 ක්. තවත් කී දෙනකුට රෝගය වැළැඳී ඇතිදැයි හරියටම කියන්න බැහැ. ප‍්‍රතිකාර ලබා දීමට ප‍්‍රමාණවත් පහසුකම් අපට නැහැ” යැයි මිරන්ෂා රෝහලේ වෛද්‍ය මොහොමඞ් සිඞීක් පවසයි. උතුරු වසිරිස්තානයේ මෙම වසංගත තත්ත්වය සෙසු ගෝති‍්‍රක පළාත්වලට පැතිර යෑමේ අවදානමක් ඇති බවත් ඊට කඩිනමින් පියවරක් ගත යුතු බවත් පාකිස්තාන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් පාකිස්තාන සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු තලේබාන් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීමෙන් පසු පාකිස්තානයේ රතු කුරුස සේවා තාවකාලිකව නවතා දැමීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පියවර ගෙන තිබේ. එම නිසා රෝගීන්ට වෛද්‍ය පහසුකම් ලබා දීම ද ඉතා අසීරු වී ඇත. තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන ප‍්‍රහාර හේතුවෙන් සෙසු විදේශ වෛද්‍ය ආධාරකරුවන්ට හෝ සහන සේවා නිලධාරීන්ට පමණක් නොව පාකිස්තාන රජයේ වෛද්‍ය නිලධාරීන්ට පවා උතුරු වසිරිස්තානයට යෑම අනතුරුදායක වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි 2010 වසරේදී පමණක් ලෝකයේ සරම්ප වැළැඳුණු රෝගීන් 1,40,000 දෙනකු මියගොස් ඇත.එයින් සියයට 95 ක්ම වාර්තා වී ඇත්තේ සෞඛ්‍ය පහසුකම් නොමැති ඉතා දිළිඳු රටවලිනි.  



අදහස් (0)

පාකිස්තානයේ සරම්ප වසංගතයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියන් තානාපති කැඳවා දෙහි කපයි
2024 ඔක්තෝබර් මස 22 184 0

දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් කැඳවා දොස් නැගුවේය. දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපතිවරයාට දොස් නැගුවේ, යුක්රේන යුද්ධයේ


ෆ්ලොරීඩා - විස්කොන්සින් වැසියෝ කලින් ඡන්දය දෙති
2024 ඔක්තෝබර් මස 22 56 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි.


බ්‍රික්ස් සමුළුව ඇරැඹේ
2024 ඔක්තෝබර් මස 22 1734 0

රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව


ඉන්දු පාකිස්තාන ඔන්ලයින් වෙඩිමක්
2024 ඔක්තෝබර් මස 21 3054 0

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු


ඊජිප්තුව මැලේරියාව තුරන් කරයි
2024 ඔක්තෝබර් මස 21 66 0

මෙය ඊජිප්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඊජිප්තුවට මැලේරියාව තුරන් කිරීමට හැකි වූයේ වසර 100 ක මහන්සියක ප්‍රතිඵලයක


ලූලා වැටිලා: ඔලුව වැදිලා
2024 ඔක්තෝබර් මස 21 1980 2

78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site