පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට නිල වශයෙන් ඇරැයුම් කර ඇත.
ෂැංග්හායි සහයෝගී සමුළුව යනු චීනයේ ද මැදිහත් වීමෙන්, කාලාපීය රටවල එකමුතුවෙන්, පිහිටුවා ගත් ආර්ථික හවුලකි. චීනය සේම, ඉන්දියාවත් පාකිස්තානයත් එහි ප්‍රබල සාමාජිකයන්ය. ෂැංග්හායි සමුළුව පැවැත්වෙන්නේ එලැඹෙන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතය.
සමුළුවට සහභාගී වෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපි නිල වශයෙන් ඇරැයුමක් යැව්වා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වේවි යැයි අප විශ්වාස කරනවා’ යැයි පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක මුම්තාස් සහාර් බලෝච් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත. ඉන්දු පාකිස්තාන විරසකය හේතුවෙන් ෂැංග්හායි සමුළුවට සහභාගී වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තවමත් පාකිස්තානයට පිළිතුරක් දී නැත.
(එන්.ඩී.ටීවී.)
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාකිස්තානයට එන්න: අගමැති මෝදිට ඇරැයුම්