පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා රැළි පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.
ක්වෙටා නුවර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධතා රැලියකට පොලිසිය හරස් වුණු අවස්ථාවේදී දරුණු ගැටුම් හටගත්තේය. එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අත්අඩංගුවට ගැනීම සිදුවූයේ හමුදාවේ මැදිහත් වීමෙනි.
එම අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කරනු ඇතැයි තමන් කල්තියා දැන නොසිටි බව එම අවස්ථාවේදී ඉස්ලාමාබාද් අධිකරණය පැවැසුවේය.
ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් හමුදාවට දැඩි විරෝධයක් එල්ල විය. ‘තරීක් ඊ ඉන්සාෆ්’ ආධාරකරුවන් ලාහෝර් හමුදාපති නිල නිවස වටලා ඊට කඩා වැදුණු බව ද වාර්තා විය. රාවුලපිණ්ඩි නුවර හමුදා කඳවුරට ද කලහකාරී පිරිස් කඩා වැදුණාහ.
මේ අතර, පාකිස්තානයට යෑමෙන් වළකින ලෙසත්, හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවන ලෙසත් ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය සහ කැනඩාව, පාකිස්තානයේ වෙසෙන තම වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
‘හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානයේ විරෝධතා හටගන්නවා. දේශපාලන වශයෙන් ඇමෙරිකාව කිසිදු දේකට මැදිහත් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන මෙන් අපට පාකිස්තාන වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා’ යැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.
ඉම්රාන් ඛාන්ට චෝදනා රැසක් එල්ල වී ඇත. ‘ටොක්ෂානා’ සිද්ධිය එයින් එකකි. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විවිධ රටවල රාජ්‍ය නායකයන්ගෙන් තෑගි වශයෙන් ලැබුණු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙද්දී රජයට බාර නොදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇත. එම ත්‍යාග හිමිවූයේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට යැයි පාකිස්තාන රජය පැහැදිලි කර ඇත.
පාකිස්තාන නීතියට අනුව, විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලැබෙන ත්‍යාග පාකිස්තානයේ ‘ටොක්ෂානා’ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. එසේ නොකරන්නේ නම්, එම භාණ්ඩවල වටිනාකම භාණ්ඩාගාරයට ගෙවිය යුතුය.
මේ අතර අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි
විසිල් Wednesday, 10 May 2023 05:14 PM
දේශපාලනේ ගෑවිච්ච ගෑවිච්ච තැන් කුජීතයි. සිරි ලංකාවේත් එසේමයි. කුජීත දෙයක් කොතැනද එතැන දේශපාලනය ඇත...
සුජිත් පල්ලේවත්ත Wednesday, 10 May 2023 06:28 PM
ලංකාවට අරගලයක් ගෙනත් කරන් හදපු දේ පාකිස්තානයටත් කරන්න හදන පාටයි. බටහිර රටවල්වලට අවනත නොවන නායකයන් එම රටේම මෝඩ, මුදලට වහල් වන මිනිසුන් ලවා බලයෙන් නෙරපා හැර රට දරුණු ආගාධයකට ඇද දමා තමන්ගේ යටතේ තිබෙන IMF වගේ ආයතනවලින් පාලනය කිරීමට දරන කූඨ සැලස්මක ආරම්භයක් බවයි පෙනී යන්නේ...