රුසියා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති ව්ලැඩිමීර් පුටින් එරට නව ජනාධිපති ලෙස, ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේදී, පෙරේදා (7) දිවුරුම් දුන් අතර දහසකට වැඩි පිරිසක් ක්‍රෙම්ලීනය ඉදිරිපිට විරෝධතා රැලියක් පැවැත්වූහ. විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය උත්සාහ ගත්
අවස්ථාවේදී ඔවුහු පොලිසිය සමඟ ගැටුණාහ. පොලිසිය ප‍්‍රකාශ කරන්නේ 408 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. එම පිරිස් පුටින් දූෂිත නායකයකු යැයි බැණ වදිමින් විරෝධතා රැලියට එක්ව සිටියේ සුදු පටි අත්වල බැඳගෙනය.
මේ අතර පුටින්ට සහාය පළ කරමින් ද දෙදහසකට වැඩි පිරිසක් ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේ පැවැති දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියහ. පුටින්, තවත් වසර 6 ක කාලයක් සඳහා දිවුරුම් දුන් අවස්ථාවේදී එම පිරිස් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ. රුසියා පාර්ලිමේන්තුව ඊයේ (8) රැස්වූ අතර එම අවස්ථාවේදී පුටින්ගේ හිතවතා මෙන්ම හිටපු රුසියා ජනපතිවරයා ද වන දිමිති‍්‍ර මෙඞ්වදේව් නව අගමැති ලෙස පත් කිරීමට නියමිතව තිබුණි.
මීට පෙර අවස්ථා දෙකකදී රුසියාවේ ජනපති ධුරය හොබවා ඇති පුටින්, පසුගිය 2006 වසරේ පැවැති රුසියා ජනපතිවරණයේදී අගමැති ධුරයට පත්වූයේ ඔහුගේ හිතවාදියකු වන දිමිති‍්‍ර මෙඞ්වදේව් ජනපති ධුරයට පත්වීමට ඉඩ සලසමින්ය. රුසියාවේ ව්‍යවස්ථාවට අනුව එක් අයකුට ජනපති ධුරය හෙබවිය හැක්කේ පිටපිට අවස්ථා දෙකකදී පමණි. පුටින්ට එරෙහිව රුසියාවේ විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් පසුවය. එම මහ මැතිවරණයෙන් ජය ගත්තේද පුටින්ගේ එක්සත් රුසියා පක්ෂයයි. එම මැතිවරණය වංචා සහ දූෂණ පිරි එකක් යැයි විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්න විය. යළිත් වරක් ජනපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පුටින් නිවේදනය කළ අවස්ථාවේදී විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල උසි ගැන්වීමෙන් පුටින් විරෝධී විරෝධතා රැල්ලක් රට පුරා ආරම්භ විය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී ක්‍රෙම්ලිනය ඉදිරිපිට විරෝධතා