පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ 'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නැත. රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.
'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින් පීඩා විදී. මොස්කව් අගනුවර නිල නිවසේ තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා
ravin Monday, 05 December 2022 05:44 AM
නියමයි නියමයි .පුටින් දැනගෙන තියෙන්නෙත් ඇමරිකාවෙන්ද ?
සේදිරිස් අප්පුහාමි Monday, 05 December 2022 06:04 AM
ඔය යුද්ධය තනිකරම බයිඩන්ගේ උවමනාවට ඇතිකරවූවකි. බයිඩන්ගේ පුතාත්, සෙලෙන්ස්කිත් අතර කූඨ ගනුදෙනු පිලිබඳව යුද්ධයට සෑහෙන කාලෙකට කලින් ට්‍රම්ප් සෘජුවම චෝදනා කලේය. යුරෝපයට ගෑස් සහ තෙල් සැපයීමේ රුසියානු බලය බිඳීමට ඇමරිකාවේ ඇතැම් නිලධරයන් අතර තිබූ උවමනාව උපයෝගී කර ගනිමින් බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 100කට අධික යුධ හා යුධ නොවන ආධාර යැව්වත් ඒ සියල්ල යුක්‍රේනයටම ලැබේදැයි යුරෝපා සංගමය පවා සැක පල කරයි. අන්තිමේ දුක් විඳින්නේ යුක්‍රේනයේත් රුසියාවේත් අහිංසක ගොවි දරුවන් බව උන්ට තේරෙන්නේම නැත. ඔය පූටින්ට අරක වුනා මේක උනා කියන්නේ නම් හිත හදා ගන්නටය.
පැරකුම් Monday, 05 December 2022 07:21 AM
දිට්ඨදම්ම වේදනීය කර්ම පලදෙන්න පටන්ගත්තා පමණයි…!
BamunuaracchiMonday, 05 December 2022 11:36 AM
උඹටද?
fairoosMonday, 05 December 2022 12:56 PM
ලංකාවේ පුටින්ටත් ඕකම තමයි වුණේ... නේද බමුණා...?
පැරකුම්Monday, 05 December 2022 01:03 PM
කවුරු වුණත් මේ නම් ගුණධර්ම නොදත්තෙකු බව පෙනේ...
පැරකුම්Thursday, 08 December 2022 03:36 PM
කිසි හැදියාවක් නැති අපතයෙක්…!
ganegoda Monday, 05 December 2022 01:54 PM
ඇමෙරිකාවට ගොන්පාට් අල්ලපු එකේ ‘‘දිට්ඨධම්මවේදනීය ඵලවිපාක..‘‘ තමයි අද ශ්‍රී ලංකාවාසී අපිට ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ...!
podiaarachchiMonday, 05 December 2022 04:45 PM
රුසියාවෙන් ණය ඉල්ලමින් චීනයේ හදපු පුටුවක ඉඳගෙන... ඇමෙරිකාවට ආයුබෝ... ආවඩා කියන කාලකණ්ණි තමයි අපේ රටේ ඉන්නේ...!
ganegoda Monday, 05 December 2022 01:46 PM
පුටින් පඩිපෙළෙන් ලිස්සා වැටුණු පළමු වතාව..! ඒත් ඇමෙරිකාවේ බයිඩන් කෙළින් ඉන්න පණ ඇතුව කීසැරයක් ගිය ගිය තැන වැටිලා තියෙනවද?
Bamunuarachchi Wednesday, 07 December 2022 05:36 PM
මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඉක්මන් සුවය ලැබේවා!