කැලිෆෝනියාවේ පර්යේෂණාගාරයක නලයක පෙන්ගුවින් පැටවකුට උපත ලබා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අංක 184 ලෙස නම්කැර ඇති මේ පෙන්ගුවින් පැටියා වීදුරැ නලයක උපත ලැබූ ලොව ප්‍රථම පෙන්ගුවින් විය හැකියැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගැහැණු සත්ත්වයකු වන මේ පැටවාගේ වයස සති 12කි. දැන් මසුන් ආහාරයට ගන්නා බැවින් අනෙක් පෙන්ගුවින් පැටවුන් සමග මුසු කිරීමට පෙන්ගුවින් ගොවිපළේ බලධාරීන් පියවර ගෙන ඇත.
මේ කෘතිම අභිජනනය මගින් පර්යේෂකයන් අපේක්ෂා කරන්නේ ප්‍රබේදවල ජාන විවිධත්වය වර්ධනය කිරීම හා ඔවුන්ගේ ජාන පිළිබ්ඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමයි. මෙවැනි පර්යේෂණ මගින් ලෝකයේ පෙන්ගුවින් ගහනය වර්ධනය කිරීමට ද අපේක්ෂිතය.
මේ වර්ගෙයේ පෙන්ගුවින් සත්ත්වයකු හොඳින් වැඩුණු විට උස අඟල් 27කි. බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වෙයි. සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී බිත්තර දමන පෙන්ගුවින් බිත්තර රකින කාලය දින 40කි. ඉන් පසු තවත් දින 30ක් පමණ කූඩුවේ ගත කරන පෙන්ගුවින් පැටවුන් පිහාටු හොඳින් වර්ධනය වූ පසු සාමාන්‍ය පරිසරයට පැමිණේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙන්ගුවින් බබාලා නලයෙන් එති
චන්ද්‍රා Friday, 22 August 2014 04:44 AM
කැන්ගරු රටේ සමහර පැතිවල මෙයාල ගොඩක් ඉන්නවා. (නදී)
සෑම් Wednesday, 20 August 2014 09:55 AM
අද උදෑසන මෙල්බර්න් ආසන්න මුහුදු වෙරළකට ෆෙයාරි පෙන්ගුවින් මල සිරුරු විසි පහක් තිහක් ගොඩගසා තිබුනා . මරණයට හේතුව තාම හොයා ගත්තේ නැහැ.(නදී)
ලක්විදු Thursday, 21 August 2014 02:27 AM
මෙවන් විශ්මිත වැඩ කරන බටහිර වෛද්‍ය විද්‍යාවට ගරහමින්, වෙනත් වෙදකම් වලට ආවඩන, නමුත් බටහිර වෙදකමින්ම ප්‍රතිලාබ ලබන කුහක මිනිසුන් අප අතරේ බහුලව ඉන්නවා. මෙම පුවත්පතේ සමහර ලිපිවලට දාන අදහස් වලිනුත් එය හොඳට පෙනෙනවා. (නි)
රූපවතී Tuesday, 19 August 2014 09:41 PM
අනේ! මට "හැපී ෆීත් " මතක්වුණා. ඒක බලනකොට සංවේදී සෑම මිනිසෙකුටම ඇහැට කඳුලක් ඒම නම් අනිවාර්යයි. පුංචි පැටවු නිරෝගී වේවා ..! වඳවී යන සියලුම සතුන් මෙසේ වර්ධනය කරගැනීමට හැකිනම් ගොඩාක් අගනේය ..!! (නි)