නව පාප්තුමා තෝරා ගැනීමට රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටින කාදිනල්හිමිවරුන් එකසිය පහළොස් දෙනා අතරේ පැවැති රහස් ඡන්දයේ දෙවැනි වටය ඊයේ (13) තීරණයකින් තොරව අවසන් වූ අතර, ඒ බව ලොවට දැනුම් දුන්නේ එම දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුම් වළා නිකුත් කිරීමෙනි.
දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වෙමින් |
පාප්තුමා තෝරා ගැනීම සිදු වන්නේ කතෝලික ආගමික වත්පිළිවෙත් සහ සම්ප‍්‍රදායට අනුවය. කාදිනල්තුමන්ලා 117 දෙනකු ලොව පුරා විසිරී සිටියත්, ඡන්ද විමසුම සඳහා වතිකානුවට රැස්ව සිටින්නේ 115 දෙනකු පමණි.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ ද කාදිනල් හිමිවරුය. තමන්ට ඡන්දය දීමට කාදිනල්වරයකුට නොහැකිය. පාප්තුමා වීමට නම් ඡුන්ද 77 කට වැඩි ප‍්‍රමාණයක්, එනම් 2/3 ක බහුතර ඡුන්දයක් ලබා ගත යුතුවේ.
මෙවර පාප් පදවියට සුදුසුකම් ලැබූවන් 25 දෙනකු සිටින බව බටහිර මාධ්‍ය පවසන අතර එම 25 දෙනා අතර ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ද සිටී.
පාප්තුමකු තෝරා ගැනීමට අපොහොසත් වුවහොත් කාදිනල්වරු ඔවුන්ගේ ඡන්ද පති‍්‍රකා පුළුස්සා දමති. එම ඡන්ද පති‍්‍රකා ගිනි තැබීම සිදු කරන්නේ විශේෂ රසායනික ද්‍රව්‍යයක් ද භාවිත කරමිනි. දුම තද කළු පැහැයෙන් යුක්ත වන්නේ එනිසාය.
පාප්තුමකු තෝරා ගතහොත්, ඡන්ද පති‍්‍රකා සාමාන්‍ය පරිදි ගිනි තැබීම සිදු කරන අතර එවිට සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් නිකුත් වන්නේ සුදු පැහැති දුමකි.
දහස් සංඛ්‍යාත කිතුනු බැතිමත්හු පිරිසක් වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිට රැස්වී නව පාප්තුමා තෝරා ගන්නා එම අවස්ථාව දැක බලා ගැනීමේ අරමුණින් පෙරේදා (12) සිට නොඉවසිල්ලෙන් බලා සිටිති. නව පාප්තුමකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු ඉදිරි දින කිහිපය තිස්සේ ද පැවැත් වනු ඇතැයි පැවැසේ.
නව පාප්තුමා දැක ගැනීමට සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිටට රැස්ව සිටින පිරිස |
සිස්ටයින් දෙව්මැදුරට කාදිනල්තුමන්ලා ඇතුළු වෙමින් ... |
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාප්තුමා තේරීමේ දෙවැනි ඡන්ද විමසුම තීරණයකින් තොරව අවසන්
නිල්මිනි Thursday, 14 March 2013 03:47 PM
දන්න කෙනෙක් කියන්න රෝස පාට දුමක් ආවෙත් මොකද කියලා.. මම දැක්කා කටුනායක එහෙම..!(නු)
අසංක පෙරේරා Thursday, 14 March 2013 06:34 PM
නිල්මිනි මම නම් දන්නවා.. ඕක යුරෝපයේ ප්‍රසිද්ධ රහසක්..ලෝකයේ නන් දෙසින් පූජකයන් අතින් අතවරයට ලක්වුණ ළමුන් ගැන යුරෝපා රටවල ලොකු ආන්දෝලයනයක් තියෙනවා..!(නු)