IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාප්තුමා සම්ප්‍රදාය බැහැර කරයි

පාප් වහන්සේ නැවතත් සම්ප්‍රදාය වෙනස් කරමින් ජෝර්දාන රැජිනට ආචාර කරන ඡායාරූප පෙළක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළ කර ඇත.
ලොව කෝටි 120ක කතෝලික ජනතාවගේ නායකයා වන පාප් වහන්සේ වෙත එන අය එතුමාට හිස නමා ආචාර කිරීම සම්ප්‍රදායයි. පාප් වහන්සේ කිසිවකුටත් ආචාර කිරීමට හිස නොනමයි.

 ජෝර්දාන රැජින මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර පාප් වහන්සේ මීට පෙරද ඉතාලි සිසුන් පිරිසක් සමඟ කුළුපගව සිටින ඡෘයාරූප පෙළක් ද වෙබ් අඩවි වාර්තා කර තිබුණි.

පාප් වහන්සේගේ ට්විටර් වෙබ් අඩවියේ යාවජීව සාමාජිකයින් සංඛ්‍යාව  තිස් ලක්ෂයකට ආසන්න බව පැවසේ. වාර්තා පවසන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නූතන සමජය හා නව තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.



අදහස් (0)

පාප්තුමා සම්ප්‍රදාය බැහැර කරයි

රජින්ද Sunday, 01 September 2013 10:06 PM

"නායකයා සේවකයා විය යුතුය" කියන එක සත්‍යක් වුනත්, කෙතරම් සුහදශීලී වුවත් තමා නියෝජනය කරන්නේ ආගමක් බැවින් තමාට වඩා තමන් නියෝජනය කරන ආගමට ගෞරවයක් ඇතිවන ආකාරයට හැසිරිය යුතුය. (නි)

:       0       0

රජින්ද Sunday, 01 September 2013 10:27 PM

එක පසෙකින් මෙතුමා වෙනම ගමනක් යන්නට හදන බවක්ද පෙනේ. එනම්, මුස්ලිම් ජාතිකයින් සමග සුහදතාවයෙන් එම රටවල කතෝලික හා අනෙක් ආගම ඇදහීමට ඇති බාධා ඉවත් කිරීමක් මෙතුමන්ගේ ක්‍රියාවන්ගෙන් හැගීයයි. කෙසේවෙතත් ජෝර්දාන රැජිනගෙන් එරට වෙසෙන කිතුනුවන්ට වෙනස්කමක් නම් සිදු නොවනු ඒකාන්තයි. කතෝලික ධර්මයේ සාමය මුස්ලිම් ලෝකය තුලත් ඇති කරන්නේ නම් මෙතුමාට සමස්ත ලෝකවාසීන්ගේ නොමද ආශීර්වාදය හිමි වනු ඒකාන්තයි.! (නි)

:       0       0

වාසී Sunday, 01 September 2013 10:39 PM

පාප වහන්සේ වුනත් ඔහුත් මනුෂ්‍යයෙකි (නි)

:       0       0

කුමාරි Monday, 02 September 2013 02:15 PM

මහින්ද කතාව හරි, ඕනේ කෙනෙක් දන ගහනවා. (ස)

:       0       0

අමාලි සිල්වා Monday, 02 September 2013 08:19 PM

මෙම පාප් වහන්සේ ඉහළම මානුෂික හැගිම් ඇති කෙනෙක්.මොහු ඉතා ගරු බුහුමන් ලැබිය යුතු කෙනෙකි (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 02 September 2013 02:43 AM

මෙය ලෝක ස්වබාවයයි (නි)

:       0       0

කුමුදු මේනකා Monday, 02 September 2013 02:46 AM

මැද පෙරදිග පොහොසත් සහ රජ පවුල් වල සිටින අය ආගම කරපින්නා ගෙන නැත. ඔවුන් බොහෝ විට අධ්‍යාපනය ලබා තිබෙන්නේ යුරෝපයේ හෝ ඇමරිකාවේය. (නි)

:       0       0

ලුම්බිණි Monday, 02 September 2013 07:32 AM

බොහෝ අපේ නායකයන් මෙන් නොව මෙතුමා තමන්ගේ නායක කම ඔලුවට අරගෙන නැතුව සිටීම ගරු කල යුතු දෙයක්. (අ)

:       0       0

සිරි Monday, 02 September 2013 07:40 AM

ෆාරුක් මේක ලෝක ස්වබාවය නම් නෙවෙයි.... එක තමයි ඒ මනුස්සයගේ තියෙන මනුස්සකම... නැත්තම් ඔයගොල්ලෝ වෙන ආගමක කෙනෙක්ට පල්ලිය ලඟට වත් එන්න දෙන්නේ නෑනේ?? මේවා බලල මොනවහරි ඉගෙනගන්න!(අ)!

:       0       0

සිරි Monday, 02 September 2013 07:40 AM

ෆාරුක් මේක ලෝක ස්වබාවය නම් නෙවෙයි.... එක තමයි ඒ මනුස්සයගේ තියෙන මනුස්සකම... නැත්තම් ඔයගොල්ලෝ වෙන ආගමක කෙනෙක්ට පල්ලිය ලඟට වත් එන්න දෙන්නේ නෑනේ?? මේවා බලල මොනවහරි ඉගෙනගන්න!!(අ)

:       0       0

රෝම කොල්ලා Monday, 02 September 2013 08:52 AM

පාප් තුමා ගැණු ඉස්සරහත් ඔලුව පාත් කරනවද ?? කතෝලිකයන්ට කරපු ලොකුම අපහාසයක් මේක !! (දී)

:       0       0

චන්ද්‍ර Monday, 02 September 2013 03:57 PM

මෙතන සිදුවීම වෙන දෙයක් නෙවෙයි. මහා ඔලුවෙන් ඉන්නේ නැතුව එකිනෙකාට ගෞරවයෙන් ජීවත් වීම , විශිෂ්ට ගතියක් මොකද එතුමා ආචාර කලේ රැජිනට පමණක් නෙවෙයි නිසා. (ස)

:       0       0

පෙරේරා Sunday, 01 September 2013 03:26 PM

මෙයා වතිකානු රාජ්‍ය නායකයා, දෙවියෝ නෙමේ! මිනිස්සු අනිත් අයව දෙවිවරු කරන්න හදනවා ! (දී)

:       0       0

කුමාර Sunday, 01 September 2013 03:30 PM

පාප් වහන්සේට අපි ගරු කරනවා (දී)

:       0       0

හිරා Monday, 02 September 2013 09:18 AM

තව ඉස්සරහට මේ ජාතියට ඔලුව නමාගෙන තමයි ඔක්කොටම ඉන්න වෙන්නේ .පාප්ප තුමාට එක තේරුණ හින්දා තමයි දැන්ම ඔලුව නමන්නේ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 01 September 2013 03:52 PM

නරකමත් නැහැ (දී)

:       0       0

කිර්ති Monday, 02 September 2013 09:30 AM

වෙන ආගමක වෙන්න ඕනේ නැහැ, මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් පල්ලිවලට යන්න තහනම්. කිර්ති (දී)

:       0       0

අලෙක්ස් Monday, 02 September 2013 09:50 AM

රෝම කොල්ලො, තමන්ගේ නූගත්කම පෙන්නුම් කරන්න එපා. (ස)

:       0       0

කමල් Sunday, 01 September 2013 04:08 PM

සිසුන් සමග එකට ඡායාරූප ගැනීම හොදයි, හිස නැමීම වැරදි ලෙසයි මම දකින්නේ (දී)

:       0       0

අසංග Monday, 02 September 2013 10:10 AM

පාප් තුමාට අපිත් ගරු කරනවා ඒ වැඩේට (දී)

:       0       0

දිසානායක Sunday, 01 September 2013 04:19 PM

පාප් තුමා නිහතමානී පාප් වහන්සේ නමක් නමුත් එතුමා සම්ප්‍රදික තත්වයෙන් බැහැරට ගොස් සිදුකල මේ ක්‍රියාව හොද හෝ නරක වීව මගේ සිතනම් සියුම් ලෙස රිදීමකට ලක් උනා (දී)

:       0       0

බැප්ටිස්ට් Monday, 02 September 2013 10:12 AM

මේක එතරම් වරදක් නෙමෙයි රෝම කොල්ලෝ

:       0       0

කුමාර් Sunday, 01 September 2013 04:37 PM

අනේ මේ පාප් වහන්සේ ජේසුස් වහන්සේ තුලින් ගැලවීම ලැබුවොත් ඔහුට ස්වර්ග රාජ්‍යයේ, ජීවන පොතේ නම ලියාගන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

බමුණු Monday, 02 September 2013 10:31 AM

"මෙය ලෝක ස්වබාවයයි " ඒකියන්නේදෙවියන්ගේ කැමැත්ත නොවෙයිද? (දී)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 05:18 PM

එතුමත් මනුස්සයෙක්නේ අනේ. (දී)

:       0       0

නිසාර් Sunday, 01 September 2013 05:24 PM

අපි නම් දෙවියන් වහන්සේ හැරෙන්න වෙන කාටවත් නැමදීමක් වශයෙන් හිස නමන්නේ නැහැ. (ස)

:       0       0

බුද්ධික Monday, 02 September 2013 10:58 AM

කෝ තවම බන්දුල කට ඇරියේ නැත්තේ (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 02 September 2013 11:06 AM

සිරි-පිස්සු දොඩවන්න නම් එපා පාප් තුමාට නම් ඇත්ත මොනාද කියල කියල දන්නවා ? (දී)

:       0       0

රෝහිත Monday, 02 September 2013 11:14 AM

උගත් කම තියෙනවනම් කාට ඔලුව නවුවහම මොකද *(දී)

:       0       0

දසුනි Sunday, 01 September 2013 06:05 PM

නිලය හා බලය ඇති හැම කෙනෙක්ම, අනුන්ගේ ගරුබුහුමන් බලාපොරොත්තු වෙන මෙවන් යුගයක "නායකයා සේවකයා විය යුතු යැයි" ඔබ ලොවට දෙන පණිවිඩය මිල කල නොහැක. (දී)

:       0       0

මොහොමඩ් කොනකපාල Monday, 02 September 2013 11:24 AM

මේ නිව්ස් එක හොඳට බලන්න මොකද මේකේ කියලා තියනවා පාප්තුමා කාටවත් ඔලුව නමන්නේ නැ!!අනික් මිනිස්සු පාප්තුමාට ඔලුව නමනවා සහ ඒක සම්ප්‍රදාය කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකද??? බුද්ධියෙන් නැතුව හදවතින් බලනකොට මේකේ වරදක් පේන්නේ නෑ. නමුත් බුද්ධිමත්ව හිතලා බැලුවම පේනවා රැජිනගේ ලස්සන දැකලා මෙතුමා නිකන්ම ඔලුව පහත වෙලා කියලා...පාප්තුමා කියලා එතුමා දෙවි කෙනෙක් නෙමේ නේ. එතුමත් සාමාන්‍ය පිරිමි කෙනෙක් .. (ස)

:       0       0

සම්පත් Monday, 02 September 2013 11:24 AM

ඉස්ලාම් නීති එකිනෙකට වෙනස් විදියටද එකිනෙකාට බලපාන්නේ? (දී)

:       0       0

සංඛ Sunday, 08 September 2013 08:15 AM

පාප් තුමා හරි

:       0       0

සංඛ ජයවිච්ක්රම Sunday, 08 September 2013 08:09 AM

අපි ඇත්තටම අලුත් තාක්ෂනයත් එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අද ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා. සම්ප්‍රධායත් ආරක්ෂා කරගෙන අපි මේ තාක්ශනයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ.. පාප් වහන්සේ අපිට හොඳ ආදර්ශයක් දුන්න. (දී)

:       0       0

විජේජුරිය Monday, 02 September 2013 11:26 AM

වෙනසකටත් එක්ක හොදයි නේ (දී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 02 September 2013 11:48 AM

ලෝකයේ සම්ප්‍රදාය එක තැනක තිබෙන්නේ නැහැ. සියලු දේ නැසෙන, වෙනස් වෙන සුළු බව පාප්තුමාට දැනෙන්න ඇති. මෙය ලොකු වරදක් නොවේ. පුද්ගලයෙකුට හිස නැමීම හදවතෙන් ඇති වෙන හැඟීමක්. ඔහුත් පෘථග්ජන පුද්ගලයෙක් මිස දෙවියෙක් නොවේ. (ස)

:       0       0

දිලීප් Monday, 02 September 2013 11:57 AM

අනේ හීරා ඔබට දුකද? (ස)

:       0       0

ඉයස් Sunday, 01 September 2013 07:13 PM

පර්ප් තුමනි ඕන කෙනෙක්ට ආචාර කරන්න මොකද යහපත් ආගම 3න් 1කක නායක තුමා හැටියට ඔබට එකට අතියක් තියෙනවා

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 September 2013 12:32 PM

ආපහු ඉතාලියට එනකොට කළු දුම් ගහයිද මේ කරපු වැඩේට? (ස)

:       0       0

චමී Monday, 02 September 2013 12:38 PM

පාප්ප වහන්සේ කතෝලික ජනතාවගේ නායකයා. උන්වහන්සේට එම රැජින ආචාර කල යුතුයි. (ස)

:       0       0

සඳරුවන් Monday, 02 September 2013 12:47 PM

මේ පාප්තුමා ඉතාම නිහතමානි පුද්ගලයෙක්. කතෝලිකයන්ගේ නායකයා කියලා කිසිම විදියකින්වත් ඔලුව ඉදිමිච්ච නැති පුද්ගලයෙක්. අපි එතුමාට ගරු කල යුතුයි. ජේසු තුමා වුනත් හැම ජාතියේම පුද්ගලයෙකුම ඇසුරු කලා. එතුමා දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔලුව උදුම්මගෙන හිටියේ නෑ. අවුරුදු 33 ජීවත් වුනේ. කිසිම පොතක් ලිව්වේ නෑ, එකම වස්ත්‍රය ඇන්දේ මැරෙනකන්ම, එකම පාවහන් පැලන්දේ මැරෙන කන්ම අන්තිමට මිනිසුන්ගේ පව් වෙනුවෙන් එතුමා කුරුසේට ගියා. මෙතුමා හිටපු පාප් වහන්සේලාට වඩා ගති පැවතුම් වලින් උසස්. (ස)

:       0       0

මහින්ද Sunday, 01 September 2013 09:53 PM

කවියක් තිබුනා, මට මතක නැහැ දැන්. එක පදයක් මතකයි. "රජුන් පවා දන ගසනා කෝවිලකි " (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 107 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 84 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 127 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 43 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 45 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 465 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site