(විමුක්ති එස් රුද්‍රිගු)
සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ඊයේ(20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුවේය.
එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට එම කණ්ඩායමේ ක්‍රීඩිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා සමත් විය. ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායිකාවද වේ.
ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ලැබී නැත.එයට හේතු වී ඇත්තේ ලෝක කුසලානය ජයග්‍රහණය කර මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීමයි.
දිගු කාලීන රෝගී තත්ත්වයක් සමඟ සටන් වදිමින් සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගියත් ඇයගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නිමවන තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දීම සිදු නොකළ යුතු බව තීරණය කිරීම හේතුවෙන් ඇයට මෙම අසුබ පුවත දැනුම් නොදුන් බවත් අවසන් තරඟය නිම වූ වහාම ඇයට මෙම අසුබ පුවත දැනුම්දීමට ක්‍රියා කළ බවත් ස්පාඤ්ඤ පාපන්දු සංගමය පවසා ඇත.
තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා ප්‍රකාශයක් නිකුත් කරමින් තම පියාට ගෞරව දැක්වූවාය.ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කලා.ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැත
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
සංක්‍රමණික අයිතීන් සම්බන්ධයෙන් මෙතක් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට පෝලන්තය තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පියා මිය ගොස් සිටියදී ලොව ජයගන් දිරිය දියණිය