IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප‍්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉන්දීය රජය සිරකරුවන් 27 ක් මුදාහරී

ඔරිස්සා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමා, සිරකරුවන් 27 දෙනකු නිදහස්කොට, ප‍්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතික සංචාරක මග පෙන්වනකු සහ ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරයකු බේරා ගැනීමට ඉන්දීය රජය ඊයේ (5) කටයුතු කළේය. ප‍්‍රාණ ඇපයේ සිටි දෙදෙනා මුදා හැරීමට නම් ඉන්දීය රජයේ අත්අඩංගුවේ සිටින මාවෝවාදී කැරැලිකරුවන් මුදා හරින්නැයි මාවෝවාදීන් රජයට බල කළේ මීට සති කිහිපයකට පෙර සිටය. ඒ අනුව අකමැත්තෙන් වුවද සිරකරුවන් 27 දෙනා මුදා හැරීමට තමන්ට සිදු වූ බව ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීහු පවසති. ඊයේ සවස මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රාන්ත මහ අමැති නවීන් පට්නීක් ප‍්‍රකාශ කළේ ප‍්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතිකයාත් ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරයාත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් මුදා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවූ බවත්ය. පෝලෝ බොසුස්කෝ නමැති එම ඉතාලි ජාතික සංචාරක මඟ පෙන්වන්නා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසුවූයේ ඉකුත් මාර්තු 14 වැනිදා තවත් ඉතාලි ජාතික සංචාරකයක වූ ක්ලෝඩියෝ කොගැන්ජිලෝ සමඟය. පෝලෝ බොසුස්කෝ ඔරිස්සා ප‍්‍රාන්තයේ සංචාරක සමාගමක් පවත්වාගෙන යයි. ඔහු ඉන්දියාවේ ජීවත් වන්නේ වසර ගණනක සිටය. කැරැලිකරුවන් ප‍්‍රකාශ කළේ දියනාමින් සිටි කාන්තාවන්ගේ ඡායාරූප ගැනීමේ වරදට ඉතාලි ජාතිකයන් දෙදෙනා පැහැරගෙන ගිය බවය. පැහැර ගැනීමෙන් දින 11 කට පසු ක්ලෝඩියෝ කොගැන්ජිලෝ මුදා හැරීමට මාවෝවාදී කැරැලිකරුවෝ කටයුතු කළහ. කැරැලිකරුවන් ඔරිස්සා ප‍්‍රාන්ත සභා මන්තී‍්‍ර ජින්නා හිකාකා පැහැර ගත්තේ ඉන්පසුවය. ඒ, ඉකුත් 24 වැනිදාය. හිකාකා, ඔරිස්සා ප‍්‍රාන්තයේ බලය අල්ලා ගෙන සිටින ‘ජනතා දාල්’ පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරයෙකි ඉතාලි ජාතික මගපෙන්වන්නා පැහැරගැනුණු මන්තී‍්‍රවරයා



අදහස් (0)

ප‍්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉන්දීය රජය සිරකරුවන් 27 ක් මුදාහරී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site