IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, වෙඩි නොබදින කබායකින් සහ හමුදා සෙබළුන්ගේ හෙල්මට්ටුවකින් ගාසා තීරයේ සංචාරයක නියැලෙමිනි. තවමත් ඊශ්‍රායල වැසියන් එකසිය එක් දෙනකු හමාස් ප්‍රාණඇපයේ පසුවන අතර, ඔවුන් කෙසේ හෝ නිදහස් කර ගැනීම අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අරමුණ වී ඇත.

මීට අමතරවව, ගාසා තීරයේ සංචාරය කරමින්, හමාස් සටන්කාමීන් සමඟ සටන් වදින ඊශ්‍රායල සොල්දාදුවන් හමුවෙමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හමාස් සටන්කාමීන්ට යළි කිසිම දවසක හිස ඔසවන්න ඉඩ නොදෙන බවය.

හමාස් සටන්කාමීන්, ලෙබනන්යේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව, 2023 ඔක්තෝබර් 7 වැනිදා, දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී පහර දී ඊශ්‍රායලයේ සිටි ඊශ්‍රායල වැසියන් ඇතුළු විදේශිකයන් 1200 ක් ඝාතනය කළේය. ඉන්පසු ඊශ්‍රායල වැසියන් 250 ක් ගාසා තීරයට රැගෙන ගියේ ප්‍රාණඇපකරුවන් ලෙසය.

ඔවුන්ගෙන් වැඩි දෙනකුට කෙටි සටන් විරාමයක් අතරතුරේ නිදහස හිමිවුණු අතර, තවත් පිරිසක් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසිණි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා හමාස් වැසියෝ 44,000 ක් මියගොස් ඇති අතර, තුවාල ලබා ඇති ගණන 103,898 කි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ අණ පරිදි එරට හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය‍.



අදහස් (5)

ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්

john Wednesday, 20 November 2024 03:42 PM

ඕන් කරනව නම් ජොබ්. එක ඊශ්‍රායෙල් කාරයෙක් අල්ලා ගත්තා නම් කෝටි 150ක්. විදේශ විනිමය ප්‍රශ්නෙත් එතැනින්ම කම්මුතුයි. ලංකාවේ මේ වෙනකොට ඊශ්‍රායෙල් කාරයෝ කීදෙනෙක් වගේ ඇද්ද?

:       43       12

Aruna shantha Wednesday, 20 November 2024 05:42 PM

ලෝකයේ ජීවත්වන ජරාම ජාතිය.

:       34       9

Roshan Wednesday, 20 November 2024 05:43 PM

ඔන්න නූගත් මිනිහෙක්ගේ නූගත් අදහසක්...!

:       10       24

Priyantha Dissanayake Wednesday, 20 November 2024 10:38 PM

ඊශ්‍රායල් ජාතිකයන් යනු ලෝකයේ ජීවත්වන ශ්‍රේෂ්ඨ සහ පරමාදර්ශී ජාතියකි. එවගේම බුද්ධිමත්, උගත් දක්ෂ ජාතියකි. ලෝකයේ ඕනෑම ජාතියකට ඔවුනගෙන් ඉගෙන ගැනීමට පාඩම් ඇත. අපේ රටේ වගේ පුහු ආටෝප නැති සැබෑම ජාතිකත්වය කියන්නේ කුමක්ද කියා ඊශ්‍රායල් ජාතිකයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යනයකර අවබෝධ කරගත යුතුය. සෑම ජාතියක්ම ඊශ්‍රායල් ජාතිකයන් වගේ විය යුතුය.

:       0       0

Amila Wednesday, 20 November 2024 11:14 PM

අද ලෝකයේ බිහිවුණ නිර්භීත නායකයෙක් සහා නිර්භීත ජතියාක් ත්‍රාස්තවාදය නැති කර යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 935 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 523 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 128 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8406 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 158 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 237 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site