ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට කම්කරු අමාත්‍යවරිය ලෙස කටයුතු කරන එලිසබත් බෝන් නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.
ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුස්සකු නම් කිරීම එරට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන අතර, එය අනුමත කරන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුවය.
එලිසබත් බෝන් සඳහා අනුමැතිය හිමිවුවහොත්, වසර 30 කට පසු ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත්වන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.
ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුස්සකු නම් කිරීම සිදුවන්නේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ජෝන් කැස්ටෝගේ ඉවත් වීමත් සමගය.
මැක්රොන් දෙවැනි වරටත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය අප්‍රෙල් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඉදිරියේ දී ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර, ඊට මුහුණ දීම ජනාධිපති මැක්රොන්ට අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ අගමැති ධුරයට එලිසබත් බෝන්