ප්‍රංශ අගමැති මැනුවෙල් වල්ස් සහ එරට ආර්ථීක අමාත්‍ය ආර්නෝද් මොන්ටිබුර් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එරට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට ප්‍රංශ අගමැතිවරයා අද (26) තීරණය කළේය.
ප්‍රංශයේ ආර්ථීක ප්‍රතිපත්ති හේතුවෙන් එරට පාලක සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ ඛෙදීමක් හටගත් අතර ඒ හේතුවෙන් එරට අගමැතිවරයා සහ ආර්ථීක ඇමැතිවරයා අතර මත ගැටුමක් ඇතිවිය. ඒ හේතුකොටගෙන තම ධුරයෙන් ඉවත්වීමට ආර්ථීක ඇමැති ආර්නෝද් මොන්ටිබුර් කටයුතු කළ අතර ඒ සමඟ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විරැකියාව ඉහළ අගයක් ගැනීමත්, පහළ ආර්ථීක වර්ධන වේගයත් නිසා පාලක පක්ෂයේ ඛෙදීම් හටගත් අතර එම මත ගැටුම් නිරාකරණය කිරීමට එරට ජනපති ෆ්රන්සුවා ඕලොන්ද් අසමත් විය.
ප්‍රංශ අගමැති මැනුවෙල් වල්ස් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට නියමිත බවත් එහි සාමාජිකයකු නොවන බව ප්‍රංශයේ හිටපු ආර්ථීක අමාත්‍ය ආර්නෝද් මොන්ටිබුර් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැරිස් නුවරදීය (ඒ.එෆ්.පී)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ ඇමැති මණ්ඩලය විසිරැවෙයි
උපාලි Wednesday, 27 August 2014 05:16 AM
අනේ ප්‍රංශයේ මණ්ඩලේ, ඇයි බැරිඋනාද අපේ රටෙන් පාඩමක් ඉගෙන ගන්න. බලන්න අපේ මණ්ඩලේ. මොන කචල් පිට කචල් තිබුනත් නෝ හෙල්ලුම්. (නදී)
සැමුවෛල් Wednesday, 27 August 2014 05:25 AM
ප්‍රංශයේ අාර්ථික ඇමති තුමා වගේ එඩිතර කෙනෙක් නැද්ද දෙවියනේ අපේ 106 දෙනා අතර "එහෙමෙ නොවෙයි සර් මෙහෙමයි වෙන්න ඕන " කියල කියන්න. (නදී)
පුෂ්පසිරි අල්විස් Wednesday, 27 August 2014 04:42 PM
ජේ ආර් ජයවර්දන මැති තුමා මෙම ප්‍රංශයේ ජානදිපති ක්‍රමය ලංකාවට ආදේශ කරලා ඔහු පළමු ජනාධිපති වුවා. එදා සිට අද වනතුරු ප්‍රංශයේ වාගේ වරින් වර කැබිනට් විසුරුවා හැර එක එක කාලෙට වෙනත් කැබිනට් ඇති කලේ නැහැ. , එකම දෙය අපේ රටේ කැබිනට් එක වර්ධනය කළා පැටවුන් ගහනවා වාගේ. දැන් ප්‍රංශයට තියෙන්නේ අපේ ක්‍රමය ප්‍රංශයට ආදේශ කරන්න (නදී)