ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැරිසිය බලා පිටත් වූයේ විශේෂ ගුවන් යානයකිනි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවී ඉන්දු ප්‍රංශ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට මෝදි කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.
මෙම 2023 වසරේ ඉන්දියා ප්‍රංශ මිත්‍රත්වයට වසර 25 ක් සපිරෙයි. ආරක්ෂක කටයුතු, න්‍යෂ්ටික බලශක්ති කටයුතු, වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
බැස්ටීල් දින හමුදා පෙළපාළි සඳහා ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කණ්ඩායමක් සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ‘රෆේල්’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 3 ක් ද සැමරුමට එක් වීමට නියමිතය. මෙම ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා, ප්‍රංශ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සමඟ එක් වී ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ යෙදෙන්නේ සෑම ජූලි 14 වැනිදාටය. 1789 වසරේ ජූලි 14 වැනිදා ප්‍රංශ විප්ලවය ආරම්භ වීමත් සමඟ ජනතාව තලාපෙලා පීඩාවට පත් කළ රජ පවුලටත් ප්‍රභූවරුන්ටත් එරෙහිව ජනතාව අරගල කළ අතර, ප්‍රංශ විප්ලවයේ ආරම්භය වූයේ මෙයයි. බැස්ටීලය යනු ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි බලකොටුවකි.
අතීතයේ මෙය ප්‍රංශ රාජාඥාව යටතේ දේශපාලන අපරාධකරුවන් සිරගත කරනු ලැබූ රාජ්‍ය සිර කඳවුරය. ප්‍රංශ විප්ලවය ආරම්භ වෙද්දී, රාජ්‍ය පාලනයට එරෙහිව නැගී සිටි ප්‍රංශ වැසියන්, බැස්ටීලයට කඩා වැදී එය අත්පත් කර ගත්තේ එහි අවි ආයුධ තිබුණු බැවිනි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි