ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (6) පැවැත්වුණු අතර පළමු වටයේදී මෙන්ම දෙවැනි වටයේදී ද වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා සියයට 53ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගනිමින් ප‍්‍රංශ ජනපති ධූරයට පත්වීමට සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් සමත් වූයේය.
ඕලන්ද්ගේ ජයග‍්‍රහණය සැලවූ සැනින් ඔහුගේ ආධාරකරුවන් ප‍්‍රංශයේ සමාජවාදී පක්ෂ මූලස්ථානයට සහ ඕලන්ද්ගේ නිවස පිහිටි ටූල් ප‍්‍රදේශයට රැස් වී ප‍්‍රීතිඝෝෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර රාතී‍්‍ර 8 ට අවසන් විය. ප‍්‍රංශ ජාතිකයෝ මිලියන 43 කට වැඩි පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කළහ. ඒ අතර විදේසවල වෙසෙන ප‍්‍රංශ ජාතිකයෝ ද සිටිති.
ඊයේ සවස වනවිට සියයට 80 ක් ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණු අතර නිල නොවන මූලික ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ කොන්සවටිව් පක්ෂ නායක සාර්කෝසි පසුබැසීමකට ලක්වී සිටි බවය. ඕලන්ද්ගේ ජයග‍්‍රහණයත් සමඟ 1981 වසරෙන් පසු පිටපිට අවස්ථා දෙකකදී ජනපති ධුරය හෙබවීමට අපොහොසත් වූ ප‍්‍රංශ ජනපතිවරයා බවට පත් වූයේ සාර්කෝසිය. ඒ සමඟම ඕලන්ද්ගේ මෙම ජයග‍්‍රහණය 1995 වසරෙන් පසු සමාජවාදී නායකයකු ප‍්‍රංශ ජනපති ධුරයට පත්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් විය.
ප‍්‍රංශ ජනපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ ඉකුත් අපේ‍්‍රල් 22 වැනිදාය. ඊට අපේක්ෂක අපේක්ෂිකාවෝ 10 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් පළමු වැනි සහ දෙවැනි ස්ථානයට පත් වූයේ ඕලන්ද් (57) සහ සාර්කෝසි (57) ය. ජනපතිවරණයේ දෙවැනිවටය ඔවුන් දෙදෙනා අතරේ පැවැත්වෙන්නේ ඒ නිසාය.
පළමු වටේදී සාර්කෝසිට ලබා ගැනීමට හැකිවූයේ සියයට 27.18 ක ඡන්ද ප‍්‍රමාණයකි. ඕලන්ද් ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය සියයට 28.63 කි.
ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු නිවෙස්වලට වී අවසන් ප‍්‍රතිඵල නිකුත්වන තුරු සාමකාමීව සිටින ලෙසත් කවුරු ජයග‍්‍රහණය කළත් එම ජයග‍්‍රහණය සාමකාමීව සතුටින් සමරන්නැයි සාර්කෝසි මෙන්ම ඕලන්ද් ද ප‍්‍රංශ ජනතාවගෙන් ඉල්ලා ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප‍්‍රංශ ජනපතිවරණයෙන් ඕලන්ද් ජය හිමිකරගනී
ලක්ෂිත පීරිස් Tuesday, 08 May 2012 11:56 PM
ඡන්දය තිබුණද කියලා මට නම් දැනුනේ නෑ. මම ඉන්නේ ප්‍රංශෙ. ඒකට ආපේ රට?