ප්‍රංශ ජනපතිවරණයෙන් පරාජයට පත් වූ ජනපති නිකලස් සාර්කෝසි දේශපාලනයෙන් ද සමුගන්නා බව ඊයේ (10) ප්‍රකාශ කළේය. සාර්කෝසි (57) මේ බව කියා සිටියේ ඊයේ පැරිස් නුවර පැවැති මාධ්‍ය හමුවකදීය. ”මා ජීවිතයට ආදරෙයි. මා මගේ බිරියට ආදරෙයි. පරාජය බාර ගනිමින් දේශපාලනයට සමු දෙන්න මා සූදානම්” යැයි හෙතෙම කියා සිටියේ ඉතා හැඟීම්බරවය. පසුගිය ඉරිදා (6) පැවැති ජනාධිපතිවරණයෙන් කොන්සවටිව් පක්ෂ නායක සාර්කෝසි පරදා ඉදිරියට පැමිණියේ සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද්ය. අවසන් ප්‍රතිඵලයට අනුව සාර්කෝසිට ලබා ගැනීමට හැකිවූයේ 48.44 ක ඡන්ද ප්රතිශතයකි. ඕලන්ද් සියයට 51.56 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. ඒ අනුව 1981 වසරෙන් පසු පිටපිට අවස්ථා දෙකකදී ජනපති ධුරය හෙබවීමට අපොහොසත් වූ ප්‍රංශ ජනපතිවරයා වන්නේ ද සාර්කෝසිය. 2007 වසරේදී ජනපති ධුරයට පත්වීමට පෙර සාර්කෝසි, ‘යූ.එන්.පී.’ පක්ෂ සාමාජිකයකු ලෙස ජැක් ෂිරාක් ජනපති ධුරය හෙබවූ ධුර දෙකේදීම අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙසත් ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙසත් කටයුතු කළේය. ජනපති ධුරයේ සිටිද්දී ඔහු 2008 වසරේ පෙබරවාරි දෙවැනි දා ප්‍රංශ/ඉතාලි කාන්තාවක මෙන්ම ගීත රචිකාවියක සහ නිරූපිකාවක ද වන කාර්ලා බෲනි සමඟ විවාහ වූයේය. 2007 වසරේ බලයට පත් වූ දා සිට අද වන තෙක්ම ඔහු අවස්ථා ගණනාවකදී ප්‍රංශ ජනතාවගේ අප්‍රසාදයට ලක් වූයේය. විදේශගතව සිදු කළ සංග්රාමවලදී ඇමෙරිකාවට සහ බි්රතාන්යයට සහාය පළ කරමින් ප්‍රංශය ද ඊට එක්විය. ඊට ප්‍රංශ වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එපමණක් නොව සාර්කෝසිගේ සංක්‍රමණික ප්‍රතිපත්ති පවා ප්‍රංශ ජනතාවගේ විරෝධයට හේතු විය. ඔහු ජනතාව අතරේ ආන්දෝලනාත්මක නායකයෙකු වූ අතර එය ඔහුගේ පරාජයට හේතු විය. 1981 වසරේ සිට 1995 තෙක් කාලයේ ප්‍රංශයේ ජනපති ධුරය හෙබවූ ජනපති ෆ්රන්සුවා මිතරෝන්ගෙන් පසු, සමාජවාදී පක්ෂ නායකයකු බලයට පත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. ප්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 2017 වසර වනවිට අයවැය පරතරය අඩු කිරීම සහ ආර්ථික සමතුලිතතාවක් ඇති කිරීම ජනපතිවරණයට පෙර සිට ඕලන්ද් දුන් ඡන්ද පොරොන්දුය. ඒවා කි‍්‍රයාත්මක කිරීමේදී ඔහුට විශාල අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යුරෝපයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ 2008 වසරේ සිට මේ දක්වා සාර්කෝසි ඇතුළුව යුරෝපා රටවල රාජ්‍ය නායකයන් 11 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී ඇතැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි. ප්‍රංශ අගමැති ධුරයට සමාජවාදී පක්ෂයේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වන මාර්ටීන් ඕබ්රි පත් වීමට නියමිතව සිටින්නීය. ඇය දැඩිමතධාරී වාමාංශික දේශලානය කි‍්‍රයාකාරිනියක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටී.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ ජනපතිවරණයෙන් පැරදුණු සාර්කෝසි දේශපාලනයට සමුදෙයි
අසංක Saturday, 12 May 2012 08:31 PM
ඕවා පැරිසීයේ, පිටකොටුවට ගැලපෙන්නේ නෑ (ස)
ශ්‍රීලාල් Saturday, 12 May 2012 03:46 AM
ඔබට සුභ පැතුම්! අපි දන්නවා ඔබ සාර්ථක පුද්ගලයෙක් බව
අසංක Saturday, 12 May 2012 10:56 AM
රනිල් මහත්තයත් මේවා ආදර්ශයට ගන්න ඕන.
මාධව Friday, 11 May 2012 03:34 PM
පව් සාර්කෝසි, පුළුළුන් කාලේ කීයක්වත් හම්බකර ගත්තද දන්නේ නෑ ජීවත් වෙන්න (ස)