ප‍්‍රංශයේ තුලූස් නුවර හමුදා සෙබළුන් සිවුදෙනකුත් යුදෙවු ආගමික ගුරුවරයකු සහ ඔහුගේ දරුවන් තිදෙනාත් වෙඩි තමා මරා දැමූ ඝාතකයා, කොටුකර ගැනීමට පොලිසිය පෙරේදා (21) සමත්විය.
ඔහු මොහොමඞ් මෙරාහ් නමැති 23 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු බවත්, 2008 වසරේදී ඇෆ්ගන් බන්ධනාගාරයකින් පැනගොස් ප‍්‍රංශයට පැමිණි අයකු බවත් පොලිසිය පවසයි.
ඔහු ප‍්‍රංශ හමුදා සෙබළුන් ඝාතනය කළේ මීට සතියකට පමණ පෙරය. එම අවස්ථාවේදී පොලිසියට ඔහු අල්ලා ගැනීමට නොහැකි විය.
යතුරු පැදියකින් පැමිණි ඔහු, යුදෙවු ආගමික ගුරුවරයා ඔහුගේ පුතුන් දෙදෙනා සහ සිඟිති දියණිය වෙඩි තබා ඝාතනය කළේ ඉකුත් සඳුදා (19) ය.
තමා අල් කයිඩා සාමාජිකයකු බවත් ප‍්‍රංශය දණ ගැස්සීමට තමන් සමත් වූ බවත් එම වෙඩි තැබීමෙන් පසු අන්තර්ජාලය හරහා ප‍්‍රකාශයක් කරමින් මෙරාහ් කියා සිටියේය.
එම වෙඩි තැබීමෙන් කම්පනයට පත් ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි, ප‍්‍රංශ ආරක්ෂක සහ බුද්ධි අංශ අමතමින් කියා සිටියේ ඝාතකයා වහා අල්ලා ගැනීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව පුළුල් පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ විය.
මෙරාහ්, පදිංචි ස්ථානය සොයා වැටලීමට පොලිසියට හැකි වූයේ මෙරාහ්ගේ සොහොයුරාගේ පරිගණකයේ ඇති දත්ත පරීක්ෂා කිරීමෙනි.
මෙරාහ්, තුලූස් නගරයේ මහල් පහකින් සමන්විත මහල් නිවාසයක පළමු වැනි මහලේ කාමරයක පදිංචිව සිටින බව දැනගත් පොලිසිය, ත‍්‍රස්ත මර්දන බලඇණියක් යොදවා මහල් නිවාසය වැටලූවේ පෙරේදා සැන්දෑවේය.
මාධ්‍ය වාර්තා කළේ එම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 300 දෙනකු සම්බන්ධ වූ බවය. පොලිස් වැටලීමේදී යටත්වීම ප‍්‍රතික්ෂේප කළ මෙරාහ්, ත‍්‍රස්ත මර්දන පොලිස් නිධාරීන්ට වෙඩි තබා අත් බෝම්බවලින් පහර දුන්නේය.
එහිදී පිපිරීම් තුනක් සිදු වූ බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් පුවත් සේවා වාර්තා කරයි. මෙරාහ් සහ පොලිස් නිලධාරීන් අතර පැය කිහිපයක් තිස්සේ දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවිය.
අවසානයේ මෙරාහ් දිවි නසා ගත් බව වාර්තා විය. මෙරාහ් පවසා ඇත්තේ ඊශ‍්‍රායලය පලස්තීන යට එල්ල කරන ප‍්‍රහාරවලට විරෝධය පළ කිරීමක් වශයෙන් තමා යුදෙවු පාසල ඉදිරිපිටදී යුදෙව්වන්ට වෙඩි තැබූ බවය. ඔහු ප‍්‍රංශ සෙබළු ඝාතනය කර ඇත්තේ ප‍්‍රංශ රජය ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ වීම ගැන විරෝධය දැක්වීමටය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප‍්‍රංශ පොලිසිය තුලූස් ඝාතකයා කොටුකර ගනී