IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවය.

ඩුටරේස් පිලිපීනයේ ජනාධිපති ධුරය හොබවද්දී එරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව යුද ප්‍රකාශ කළේ හමුදාව යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දළදඬු ක්‍රියාමාර්ග අනුගමනය කරමිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට උපදෙස් දුන්නේය.

2016 සිට 2022 දක්වා කාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මැඩලීමට ගත් උත්සාහයේදී ‘මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ’ සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වුණු අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය එම චෝදනා සම්බන්ධයෙන්, ඩුටරේස්, අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේය. 

ඩුටරේස්, පසුගිය දිනෙක කියා සිටියේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ එම වරෙන්තුවට තමන් හිස නමන බවත්, තමන් අත්අඩංගුවට පත් වීමට කැමැත්ත පළ කරන බවත්ය. ඒ අනුව, මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී හිටපු ජනාධිපති ඩුටරේස් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට
2025 මාර්තු මස 12 106 0

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට


මෝදි මුරුසි දූපතේ සංචාරයක
2025 මාර්තු මස 12 58 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ


මොස්කව් අගනුවරට යුක්රේනයෙන් ප්‍රහාරයක්
2025 මාර්තු මස 12 110 0

රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත


තර්ජනවලට බය නැහැ: පුළුවන් දෙයක් කරන්න
2025 මාර්තු මස 12 66 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ


ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය
2025 මාර්තු මස 12 28 0

ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 2813 2

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 145 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 367 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site