‘වෂී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක් අතුරුදන් වූහ.
‘වෂී’ සුළි කුණාටුවෙන් බරපතළහානි සිදුවී ඇත්තේ පිලිපීනයට අයත් කුඩා දූපත්වලටය. එම දූපත්වල ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. උන්හිටි තැන් අහිමිවූවන්ගේ ගණන ලක්ෂයකි.
පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් හමා ගිය ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ ඉකුත් සිකුරාදා (16) රාති‍්‍රයේය. කුණාටුව හේතුවෙන් පැය 12 ක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලූණු බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මහ වැසි සමඟ පළාත් රැුසක හදිසි ජල ගැලීම් සහ නායයෑම් හටගත් අතර ඊට බිලිවී ඇත්තේ නිවෙස්වල නිදා සිටි පිරිස්ය. කුණාටුව හමා එද්දී මූදු ගිය ධීවරයන් 400 දෙනකු ද අතුරුදන්ව ඇතැයි වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
නායයෑම් නිසා ටොන් ගණනක් බර පස් තට්ටු යට සිරවූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදු කෙරෙන අතර වර්ෂාව ඊට බාධාවක් වී තිබේ.
සහන සේවා නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන් 2,500 ක් යෙදවීමට පිලිපීනය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් ප‍්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ප‍්‍රදේශ රැුසකට විදුලි බලය ද අහිමි වී ඇත.
පිලිපීනය සෑම වසරකම චණ්ඩ මාරුත සහ සුළි කුණාටුවලින් බැට කන රටකි. එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ සෑම වසරකට සුළි කුණාටු 20 කට වැඩි ප‍්‍රමාණයක් පිලිපීනය හරහා හමා යන බවය.
ඉකුත් සිකුරාදා පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණු අති ප‍්‍රබල සහ අති බිහිසුණු සුළි කුණාටුවක් යැයිද කාලගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති.
‘වෂී’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේපොල හානිය අතිමහත් බවත් එය කොපමණදැයි තවමත් ගණන් බලා නැති බවත් පිලිපීන බලධාරීහු වැඩි දුරටත් පවසති.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩි
අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍ර
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී