රතු මුහුදේ යාත්‍රා කරද්දී, ග්‍රීසියට අයත්, ‘එම්.වී. සෝනියන්’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයෙන් නෞකාවට දරුණු හානි සිදුවුණු අතර, මේ වනවිට නෞකාවෙන් තෙල් කාන්දු වීමට පටන්ගෙන ඇත. ප්‍රහාරය එල්ල වෙද්දී, ‘එම්.වී. සෝනියන්’ නෞකාව, ඉන්ධන ටොන් 1,50,000 ක් ප්‍රවාහනය කරමින් තිබුණු බව ද විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්ධන කාන්දුව බරපතළ බවත්, එය මහා සාගර විනාශයකට හේතුවක් වනු ඇති බවත්, පරිසරවේදීහු බිය පළ කරති. ඉතිහාසයේ දරුණුතම තෙල් කාන්දුව මෙය වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
යේමනයේ ක්‍රියාත්මක, ඉරාන හිතවාදී, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්, අවට මුහුදේ යාත්‍රා කරන බටහිර රටවලට අයත් නැව්වලට පහර දෙයි. ඒ, ඊශ්‍රායලයට විරෝධය දැක්වීමක් ලෙසය.
හවුති කැරැලිකරුවන් ඊශ්‍රායලයට විරෝධය දක්වන්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම හේතුවෙනි. මේ වනවිට පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති පලස්තීන සිවිල් වැසියන් ගණන 45,000 පසු කර ඇත.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පහරදුන් තෙල් නැවෙන් තෙල් කාන්දුවක්