බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිලි දෙකක් ඉකුත් දින දෙක තුළ ගිනිගෙන විනාශ වී, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ තම ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කරමින් ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ දහස් ගණනින් පෙරේදා (26) ඩකා නුවර විරෝධතා රැලියක් පැවැත්වූහ.
පළමුවෙන් ගින්න හට ගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇඟලූම් කම්හලේය. එම ගින්නෙන් මියගිය ගණන 120 කි.
දෙවැනි ගින්න හටගත්තේ ඊට පසුදින එනම් පෙරේදාය. එයින් ද 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි පොලිසිය පැවැසීය. එම ගින්න හටගත්තේ මහල් 12 කින් සමන්විත ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේය.
දින දෙකක් තුළ ඇඟලූම් කම්හල් දෙකක් ගිනි ගැනීම කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් යැයි විරෝධතා රැලියට එක් වූ සේවක සේවිකාවෝ චෝදනා කරන්නට වූහ. එම ගිනි ගැනීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ වීදි බසිති