බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය.
පිපිරීම සිදුවූයේ බංග්ලාදේශයේ ගිණිකොණ දෙසින් පිහිටි සීතාකුණ්ඩා නගරයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයකය. පළමුවෙන් ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගත් බව පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කීපයක් කැඳවන ලදී.
ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී ප්‍රබල පිපිරීම සිදුවිය. පිපිරීම සිදුවන්න ඇත්තේ කන්ටේනර් පෙට්ටිවල අසුරා තිබූ රසායනික ද්‍රව්‍ය නිසා යැයි පැවැසෙයි. ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ඒ, සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
මියගිය සහ තුවාල ලැබූවන් අතරේ ගිනි නිවන භටයන් කීප දෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් විසි දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ඇතැමුන්ගේ සිරුරු සියයට 60 කට වඩාත්, තවත් සමහරුන්ගේ සිරුරු සියයට 90 කට වඩාත් පිළිස්සී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පවසා ඇත.
සීතාකුණ්ඩා නගරය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන චිතගොංග් නගරයට කිලෝ මීටර් 40 ක් දුරිනි. බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සියලු දෙනා චිතගොංග් නගරයේ රෝහල් වෙත රැගෙන ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ගබඩා සංකීර්ණයේ පිපිරීම අති ප්‍රබල එකක් වූ අතර කිලෝ මීටර් 4 ක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද එයින් හානි සිදුවුණු බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට