බංග්ලාදේශයේ මේග්නා නදියේ මඟීන් 200ක් රැගෙන යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ඊයේ(13) අනතුරට පත් වීමෙන් එහි සිටි පිරිසෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 35 දෙනකු දිවි ගලවා ගෙන ඇති බවත් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. ඩකා නුවරට ගිනිකොන දිගින් පිහිටි මේග්නා නදියේ යාත්‍රා කරමින් තිබූ ශාරියාට්පූර් නමැති තට්ටු දෙකකින් සමන්විත මෙම බෝට්ටුව තවත් යාත්‍රාවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුර සිදු වූ වහාම මඟීන්ගේ දිවි ගලවා ගැනීමට ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ඇති අතර එහිදී පුද්ගලයන් 35 දෙනකු බේරා ගැනීමට හැකි වූ බවත් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමට කිමිදුම්කරුවන් යොදවා ඇති බවත් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත ජීවිතාරක්ෂක නිලධාරියෙක් පැවසීය. මෙම අනතුරින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇත. ‘මේ වන විට කිමිදුම්කරුවන් අනතුරට පත් යාත්‍රාවෙන් කාන්තාවන් පස්දෙනකු සහ ළමයින් දෙදෙනකු ඇතුළු මියගිය පුද්ගලයන් 26 දෙනකුගේ සිරුරු ගොඩගෙන තිබෙනවා.’ යැයි ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු පැවසීය. අනතුරට පත් වූ බෝට්ටුවේ සිටි පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහාය දීමට සියගණන් ප්‍රදේශවාසීන් සහ අනතුරට පත් වූවන්ගේ ඥාතීන් මේග්නා නදියේ ඉවුරට රැස්ව සිටින බව එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය. ගිලී ගිය බෝට්ටුව 1991 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් බවත් මඟීන් ප්‍රවාහනයට තරම් සුදුසු තත්ත්වයේ එය නොතිබුණු බවත් එරට රජයේ නිලධාරියෙකු පැවසීය. බංග්ලාදේශයේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු සඳහා බහුලව භාවිතයට ගැනෙන්නේ බෝට්ටු සහ මඟී යාත්රාය. මෙකී යාත්‍රා නිසි ප්‍රමිතියකින් තොර වීම සහ ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පසුගිය වසරේ දී මේග්නා නදිය ආශි‍්‍රතව යාත්‍රා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මඟීන් තිස්දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බංග්ලාදේශයේ මඟී බෝට්ටුවක් පෙරළී 26ක් මරුට: 100 ක් අතුරුදන්