යුක්තිය ඉටුවීමට ප‍්‍රමාදවීම යුක්තිය ඉටුනොවීමක්ය යන්න පැරණි කියමනකි. 1971 බංග්ලාදේශයේ නිදහස ලබා ගැනීමට ගෙන ගිය අරගලයේදී යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නිදහස් සටනට එරෙහි වූ බංග්ලාදේශ කණ්ඩායම් සම්බන්ධයෙන්ද යුක්තිය ඉටු කිරීමට පියවර ගත්තේ බෙහෙවින් ප‍්‍රමාද වීය. 2008 පැවති මහා මැතිවරණයේදි අවාමි පක්‍ෂයේ නායිකා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් නීතිය ඉදිරියට පමුණුවන බවට ප‍්‍රතිඥා දුන් නමුත් එය ක‍්‍රියාත්මක වූයේ පසුගිය වසරේදීය. ඒ අනුව විශේෂයෙන් පිහිටුවනලද යුද අපරාධ පිළිබඳ විශේෂ විනිශ්චය සභාවට පුද්ගලයින් අට දෙනෙකු ඉදිරිපත් කළ අතර ඉන් අබ්දුල් කදාර් මොල්ලාට සාමාන්‍ය පුද්ගලයින් 381 මරා දැමීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. නිදහස් අරගලයේදී පාකිස්ථානු හමුදාව හා ඔවුන්ට හිතවාදි වු බංග්ලාදේශ කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් දශ ලක්‍ෂ තුනකට අධික පිරිසක් මිය ගිය අතර ස්ත‍්‍රීන් 200,000 කට අධික සංඛ්‍යාවක් දුෂණයට ලක් වූයේයැයි ගණන් බලා ඇත. එහෙත් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ප‍්‍රමාද වී ආරම්භ කිරීම දේශපාලන පලිගැනීමක් යැයි හැඳින් වූ බංග්ලාදේශ ප‍්‍රධාන විපක්‍ෂය වන හිටපු අගමැතිනිය කලීඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලා ජාතික පක්‍ෂය ඊට විරුද්ධව වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය.
පාකිස්ථානයෙන් වෙන්වීමට විරුද්ධ වූ කණ්ඩායම් දැන් ජමාට් ඊ ඉස්ලාම් යනුවෙන් පක්‍ෂයක් පිහිටුවා සිටින අතර ඔවුහු බංග්ලාජාතික පක්‍ෂය සමග සභාගයකටද එළැඹ සිටිති. ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියමවී ඇති මොල්ලා ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයේ සහකාර ලේකම් වරයෙකි. යුද අපරාධ පිළිබඳ විශේෂ විනිශ්චය සභාවක් පිහිටුවීමට විරුද්ධ වු ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂය ඊට පිළිතුරු දුන්නේ ආණ්ඩුපක්‍ෂයේ ආධාරකරුවන්ට හා තෝරාගත් පොලිස් නිලධාරින්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරමිනි. පසුගිය වසරතුළ නඩු විභාගයත් සමග එල්ල වූ ප‍්‍රහාරවලින් 14 ක් මියගොස් සිටින අතර මේ සතියේ දියත් කිරීමට නියමිත විරෝධතා නිසා තවත් ජීවිත නැතිවීමේ අනතුරක් පවතී. එහි පළමු ගොදුර වුයේ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයේ ආගමික දේශපාලනයට එරෙහිව සටන් කළ රජිබ් හයිඩර්ය. ඔහු තම නිවස ඉදිරිපිටදී නාදුණන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකින් මිය ගියේය.
මොල්ලාහට මරණීය දණ්ඩනය නියම කරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කළ අයුරු |
මෙම නඩු තීන්දුව ගැන තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම්වලින් මතු වූ විරෝධය බොහෝ දෙනෙකු අපේක්‍ෂා නොකළ එකකි. එම තීන්දුව ප‍්‍රකාශයට පත්වීමත් සමග ජමාට් ඊ ඉස්ලාම් පාක්‍ෂිකයන් ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කළ අතර තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ලිහිල් දඩුවමක් ලබා දීම සම්බන්ධයෙන් තම විරෝධය දැක්වීමට වීදි බැස්සහ. නිදහස් අරගලයට පසුව උපන් මෙම තරුණ කණ්ඩායම්වල විරෝධය මතුවූයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අය ගැන පමණක් නොවේ.
ඉහවහා ගිය දුෂණය හා වංචාව පිටු දැකීමද ඔවුන්ගේ එක අරමුණකි. කලීඩා සියාගේ පාලන සමයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් ඇමතිකම් වැනි ඉහළ තනතුරු දැරීම තරුණ කණ්ඩායම් හැඳින් වූයේ නිදහස් සටනට කළ අපහාසයක් ලෙසිනි. මෙම තරුණ කණ්ඩායම් තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පෙබරවාරි පස් වැනිදා සිට දකා නගරයේ ප‍්‍රධාන චතුරශ‍්‍රයක් වන පහග්බාග් හි කඳවුරු බැඳ ගත්හ. දිනපතාම දිවා කාලයේදි මෙම චතුරශ‍්‍රයේ විරෝධතාව පැවැත්වූ අතර ඊට දහස් ගණනින් පිරිස් සහභාගි වූ බවද වාර්තාවේ. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව කටයුතු කරන මෙම තරුණ ශිෂ්‍ය කණ්ඩායම හැඳින්වූයේ ගනොජගනේ මොර්ඩා (ජන උදාන වේදිකාව) යන නමිනි. මෙම අරගලයට සහාය දැක්වීම සඳහා බංග්ලාදේශයේ බෙහෙවින්ම ජනප‍්‍රිය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමද එම චතුරශ‍්‍රයට යෑම විශේෂ සිද්ධියකි. පෙබරවාරි 8 වැනිදා එහි පැවැත් වූ රැලිය දකා නගරයේ මෑතක පැවති විශාලතම ජන රැලිය ලෙස හැඳින් වේ.
මෙම උද්ඝෝෂණ හා රැලියෙන් පසුව පාලක අවාමි පක්‍ෂය ප‍්‍රකාශයක් කරමින් විශේෂ විනිශ්චය සභාවේ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසෙන ආකාරයට එම පනතට සංශෝධනයක් ගෙන ඒමටද පොරොන්දු විය. කලින් සම්මත කරන ලද පනත අනුව එහි තීන්දුවකට එරෙහිව පැමිණිල්ලට හෝ විත්තියට අභියාචනා ඉදිරිපත් කිරීමට ප‍්‍රතිපාදනයක් තිබුණේ නැහැ. මෙම සංශෝධනය ගෙන ඒමේ අදහස වන්නේ දී ඇති ලිහිල් තීන්දුව වෙනුවට බරපතළ දඩුවමක් ලබා දීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසීමය. එහෙත් එක්සත් ජනපදය මුලස්ථානය කොටගත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන ආකාරයට අතීතයට බලපාන ආකාරයේ නීති පැනවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සම්ප‍්‍රදයට පටහැනි වීමකි. මෙම වසර තුළ මහා මැතිවරණයකට මුහුණ දිය යුතු අගමැති ෂීක් හසිනා මෙය තම දේශපාලන වාසියට හරවා ගැනීමට අවස්ථාවක් කර ගනු ඇත. අනෙක් අතට විපක්‍ෂ නායිකා කලීඩා සියාද මේ තත්ත්වය මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය දිනා ගැනීමට අවස්ථාවක් කර ගැනීමට උත්සාහ කරන බවට සැකයක් නැත. මේ සතියේ සඳුදා ක‍්‍රියාත්මක වූ මහා වැඩ වර්ජනය එහි පෙරහුරුවක් පමණි.
කෙසේ වුවත් ආගම්වාදි නැඹුරුවකින් යුත් ජමාට් ඉස්ලාම් පක්‍ෂයේ නායකත්වයට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත්වීමත් එම පක්‍ෂය තහනම් කිරීමට තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම්වලින් කෙරෙන ඉල්ලීමත් බරපතළ දේශපාලන අභියෝගයකි. ඉස්ලාම්වාදීන් ඊට පිළිතුරු දීමට සුදානම් වන්නේ සුපුරුදු ආකාරයට ප‍්‍රචණ්ඩත්වය තුළිනි. පසුගිය සිකුරාදා ශිෂ්‍ය නායකයකු වූ රජිබ් හයිඩර් ඝාතනය එවැනි එක් අවස්ථාවක් පමණි. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් සාධකයක් වන්නේ සම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂවල සහායක් නොමැතිව තරුණ ශිෂ්‍ය කණ්ඩායම් ගෙනයන අරගලයට විශාල ජන සහායක් පළ වීමය. ඇත්තෙන්ම වසර 40 කට අධික කාලයක් තිස්සේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට එරට දේශපාලන නායකත්වය එඩිතර නොවූයේ ආගමික කණ්ඩායම් පිළිබඳව පැවති අස්ථානගත බියයි. ෂීක් හසිනා මීට පෙර අගමැති තනතුරේ සිටියත් චෝදනා එල්ල වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්තාය. ඇයගෙන් පසුව අගමැති තනතුරට පත් කලීඩා සියා ජමාට් ඊ ඉස්ලාම් වැනි ආගමික කණ්ඩායම්වල සහයෝගය ලබාගත් නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට උනන්දු නොවූවාය. ඇත්තෙන්ම සිය නිල කාලයේ අවසන් භාගයේදී අගමැති ෂීක් හසිනාට ද මෙවැනි පියවරක් ගැනීමට සිදු වූයේ නීතිය ඉටු කිරීමේ අවශ්‍යතාවටත් වඩා එහි දේශපාලන වැදගත්කම නිසා විය හැකිය.
තුන්වැනි ලෝකයේ බොහෝ රටවල මෙන් දුෂණ හා වංචා ඉහවහා ගොස් ඇති බංග්ලාදේශයේ තරුණයින් මෙම අවස්ථාව වඩාත් පුළුල් පරමාර්ථ ඉලක්ක කරගත් ජනතා ව්‍යාපාරයක ආරම්භයක් කර ගැනීමට උත්සාහ කිරීමද අතිශයින් වැදගත්ය. සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට බංග්ලාදේශයේ තීරණාත්මක දේශපාලන පියවර ගැනීමේදී හැම විටම මුලපිරුම ඇරඹුණේ තරුණ ශිෂ්‍ය කණ්ඩායම් වලිනි. 1952 දි භාෂා අරගලය, 1969 දී පාකිස්ථානු පාලනයට එරෙහිව නැගිටීම හා බටහිර පාකිස්ථානයේ පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බිහිකිරීම සඳහා 1971 දි සන්නද්ධ අරගලයක් දියත් කිරීම යන අවස්ථා තුනේදීීම මුල් තැන ගත්තේ තරුණයින්ය. ඒ සියලූ අවස්ථා වලදි සම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂ එහි නිරීක්‍ෂකයින්වුවා පමණි.
විරෝධතාකරුවකු ඇදගෙන යන අයුරු |
නිදහස් සටනේදි පාකිස්ථානු හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කළ ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයට එරෙහිව දියත් කර ඇති තරුණ ව්‍යාපාරයද බංග්ලාදේශයේ එවැනිම කඩ ඉමක් වීමට බෙහෙවින් ඉඩ ඇත. තරුණයන්ගේ ඉල්ලීම වන්නේ විරුද්ධ මත නොඉවසන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට පසුබට නොවන ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂය තහනම් කිරීම පමණක් නොවේ. එම පක්‍ෂයට සම්බන්ධ සංවිධාන මගින් පවත්වා ගෙන බැංකු, වෙළද ව්‍යාපාර, රෝහල් හා අධ්‍යාපන ආයතනද වර්ජනය කළ යුතුයැයි ඔව්හු ඉල්ලා සිටිති. එම ව්‍යාපාර තුළින් උපයා ගන්නා ලාබය මුලික ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතීන් සීමා කිරීමේ ව්‍යාපාරයකට යොදා ගන්නා හෙයිනි.
මෙම වැඩ පිළිවෙළට ජනතාවගෙන් විශාල සහායක් පවතින බව දක්නට ලැබුණත් බංග්ලාදේශ ජාතික පක්‍ෂය සමග එක් වී සිටින ආගමික කණ්ඩායම් සිය වැඩ පිළිවෙළ අතහැර දමන්නේ යැයි කිව නොහැකිය. එවැනි පසුබිමක් තුළ සිවිල් යුද්ධයක් දක්වා පැතිරිය හැකි මෙම තත්ත්වය බුද්ධිමත්ව මෙහෙයවනු නොලැබුවහොත් විය හැකි ප‍්‍රතිඵල වඩාත් ඛේදනීය වනු ඇති බවට සැකයක් නැත. බටහිර රටවලට ලාබ ශ‍්‍රමය සපයන මූලාශ‍්‍රයක් වන බංග්ලාදේශයේ සාමාන්‍ය ජනතාවට අහිමි කර ඇති අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ආගම්වාදයෙන් හා දුෂණ හා වංචා වලින් බැහැර වූ සමාජ ක‍්‍රමයක් සඳහා තරුණ ශිෂ්‍ය කොටස් දියත් කර ඇති අරගලය තවත් නිදහස් සටනක ආරම්භයක් විය හැකිය.
අගමැතිනි ෂීක් හසීනා |
වෑන් රථයක් ගිනි තබා ඇති ආකාරය |
විරෝධතාකරුවන් පිරිසක් |
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියමවූ අබ්දුල් මොල්ලා |
ජමාට් ඊ ඉස්ලාම් සංවිධානයේ උද්ඝෝෂණ |
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බංග්ලාදේශයෙන් තවත් නිදහස් අරගලයක්
උදය Friday, 22 February 2013 11:28 AM
අපේ රටෙත් ආගම්වාදය, අන්තවාදය එහෙම දැම්ම නැවැත්තුවේ නැත්නම් අනාගතයෙදි මේ වගේ තත්වයක් තමයි උදාවෙන්නේ.(නදී)
එස්.රංජිත් Saturday, 23 February 2013 12:23 AM
මේ වගේ අය තමයි සෑම රටකම ප්‍රශ්න ඇතිකරන්නේ. (නි)
අමිල Saturday, 23 February 2013 12:13 PM
අනේ හරිම මෝඩ වැඩක්නේ. (නි)